27 C
Colombo
25/09/2024

පක්ෂය කඩලා දිනන්න හිතන්නවත් එපා

Share with your friends :

පක්ෂ බෙදා වෙන්කොට අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකි වුවත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

මෙසේ පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවයි නාමල් රාජපක්ෂ පවසන්නේ.

2019 දී පක්ෂයේ බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂද බෙදී යාමෙන් සීසීකඩ ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ පවසයි.

කල යුත්තේ පක්ෂ කැඩීම නොව එකට ශක්තිමත්ව නැගී සිටීම පමණක්ම බව නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

Share with your friends :