27 C
Colombo
25/09/2024

ඕනෑම තීරණයකට සහය-බේරුවල සජබ ක්‍රියාකාරීන්ගෙන් රාජිතට පොරොන්දුවක්

Share with your friends :

රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීන්දුවකට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සමඟ සිටින බව බේරුවල මැතිවරණ කොට්ඨාශයේ සජබ ක්‍රියාකාරීන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසා තිබේ. බේරුවලදී රැස්වූ පිරිස අමතා වර්තමානයේ රටේ තත්වය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ගේ පැහැදිලි කිරීමෙන් පසු ආසන බලමණ්ඩල ප්‍රබලයන් මෙම එකඟතාවයට පැමිණ ඇතැයි පැවසේ.

මන්ත්‍රීවරයාගේ බේරුවල පිහිටි නිවසේ පැවති විශේෂ රැස්වීමකදී මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ මා ගන්නා තීන්දුව නායකයින් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ගන්නා බවයි. එම නිසා තමන් සමග ගමන යාමට කැමති පුද්ගලයින්ට එකතු විය හැකි බවත් අකමැති පුද්ගලයින්ට ඉවත් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම විශේෂ රැස්වීමට එක්ව සිටි පිරිස අතර සමඟි ජනබල වේගය නියෝජනය කළ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු අපේක්ෂකයන්ද සිටීම විශේෂත්වයකි.

තමා හැමවිටම පක්ෂ ගැන සිතා නොව රට ගැන සිතා තීරණ ගත බව පැවසු මන්ත්‍රීවරයා බංකොලොත් වූ රට ගොඩනැගූ ආකාරය පැහැදිලි කළේය.
රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වට කරගත් පාක්ෂිකයින් කියා සිටියේ “ඔබතුමා ලබාදුන් රැකියා නිසා අපි කාලා බීලා හුන්න බවයි. එම නිසා ඔබතුමා ගන්න ඕනෑම තීරණයක් වෙනුවෙන් අපිද පෙනී සිටින බව ඔවුහු පැවසූහ.
තවද මෙහිදී මන්ත්‍රීවරයා 2021 වසරේ දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවකදී මාස තුනකින් රට විනාශ වන ආයුරු උදාහරණ සහිතව ප්‍රකාශ කළ වීඩියෝවක්ද ප්‍රදර්ශනය කරන ලදි. එහි සඳහන් වන්නේ රාජපක්ෂලාට රටේ ඉන්නට බැරිව රටින් පැන යන බවයි.තමන් එදා එම ප්‍රකාශය කළේ අනාගතය දුටු නිසා බවත්, තමන් අද ද රටේ අනාගතය හොඳින්ම දැක ඇති බැවින් ඉදිරියේදී රට වෙනුවෙන් තීන්දුවක් ගන්න බවද මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී අවධාරණය කර සිටියේය

Share with your friends :