27 C
Colombo
24/09/2024

යුරෝපා සංගමය චීන වාහන තහනම් නොකර වාරණය කරලා

Share with your friends :

චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව යුරෝපා සංගමය පවසයි.

ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇත.

එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා ආනයන බද්දක් ලෙස පනවා ඇති 10%ක බද්ද නොවෙනස්ව පවතී.

ඒ හේතුවෙන් යුරෝපා සංගමය තුළ චීන ව්ද්‍යුත් වාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව සඳහන් ය.

Share with your friends :