27 C
Colombo
25/09/2024

දයාසිරි ලේකම් ධුරයේ බලය සමග පක්ෂ මුලස්ථානයට

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

ඒ අනුව හෙට (05) දිනයේ පෙරවරු 9.30ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ගොස් වැඩ බාර ගන්නා බව පැවසූ ලේකම්වරයා කිසියම් පිරිසක් ආණ්ඩු බලය යොදා ගෙන එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව පැවසීය.

එම නිසා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකර තමාට නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

පක්ෂ මූලස්ථානය කිසිවකුගේ බූදලයක් නොවන බව පැවසූ ජයසේකර මහතා එම එම ස්ථානයට සහ තමා සමග එහි එන පිරිස වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන සලසන ලෙස පොලිස්පතිවරයාට කොට්ඨාසය භාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සෑම සියලු දෙනාටම මෙම අවස්ථාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පැවසූ ජයසේකර මහතා කිසිවෙක් කිසිවකට බිය නොවිය යුතු බවද අවධාරණය කළේය.

Share with your friends :