27 C
Colombo
24/11/2024

ඡන්දය ඉලක්ක කරගෙන කරන්න බැරි බලාපොරොත්තු දෙන්න බැහැ

Share with your friends :

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විපක්ෂය සංසන්දනය කරන රටවල් අතරින් පැහැදිලිවම ශ්‍රී ලංකාව ලංකාව ඉදිරියෙන් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනකුරුව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලෝකයේම පැසසුමට ලක්වෙද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය දේශපාලන කුහකත්වය පසෙකින් තබා රටේ ජනතාවට ඇතිවන ප්‍රතිලාභය සම්බන්ධයෙන් කල්පනා කළයුතු බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා –
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සුභ ආරංචිය රටට දැනුම් දුන්නා. ජුනි මාසේ 26 වැනිදා පැරීසියේදී ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සමග එකඟතාවයන්ට පැමිණීමත්, චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුම් ගත වීමත් සිදුවුණා. දේශීය ණය ප්‍රතිවූහගතකරණය හා ද්වීපාර්ශික නිල ණය හිමියන් සමග එකඟතාවයන්ට පැමිණ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අත්‍යවශ්‍යය ප්‍රධානම කාරණා දෙකක් අපි සම්පූර්ණ කළා.

සජිත් ප්‍රේමදාස මහත්තයා දේශපාලන කුහකත්වය පැත්තකින් තියලා, මෙයින් රටේ ජනතාවට ඇතිවන ප්‍රතිලාභය සම්බන්ධයෙන් කල්පනා කරයි කියලා හිතුවා. මුළු ලෝකයම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අගය කරද්දි, ඔවුන් එය සුබවාදීව දකියි කියලා හිතුවා. රට ගැන සුබවාදීව සිතන සහ අසුභවාදීව සිතන කණ්ඩායම හරියටම ඉරක් ගහලා දෙකට බෙදා ගන්න එදා පුළුවන් වුණා.

මහා ආර්ථික ව්‍යසනයකින් ක්‍රමාණුකූලව ඉවත් වෙද්දී තව දුරටත් ඒ ව්‍යසනය තුළ රට සිටිය යුතුයි කියන කණ්ඩායම මේ කටයුත්ත දෙස අසුභවාදීව බැළුවා. බහුතරය සුබවාදීව දැක්කා. සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජන බලවේගයත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඔවුන්ගේ කුහකත්වය පැහැදිලිවම පෙන්නුම් කරා. ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කරන්නැයි යෝජනා කලේ විපක්ෂය කියලා ඔවුන් දිගින් දිගටම කියනවා. මේ නිසා පහුගිය මාස 24 ක ඉතිහාසය පිළිබඳව සොයල බැලුවා.

ශ්‍රී ලංකාව ලංකාව ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යමණ්ඩල එකඟතාවයකට එන්නේ 2022 සැප්තැම්බර් මාසයේ. අපේ යෝජනාවලිය අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කළා. ඒ සමඟයි අපි අද කතා කරන තාක්ෂණික කාරණා පිළිබඳව හා ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය එළිදක්වන්නේ. 2023 මාර්තු මාසයේ අපි පළවෙනි වාරිකය නිදහස් කරගන්නවා. 2023 දෙසැම්බර් මාසයේ දෙවැනි වාරිකය නිදහස් වෙනවා. 2024 ජූලි මාසයේ තුන්වෙනි වාරිකය නිදහස් කරගන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා. ණය ගෙවීම නතර කර අවුරුදු දෙකයි මාස දෙකක කාලයක් යනකොට අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා. ද්වීපාර්ශික නිල ණය හිමියන් සමඟ ප්‍රතිව්‍යුහගතකරණය අවසාන කරනවා. බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාව සාර්ථකව ඉදිරියට යනවා. චීන සංවර්ධන බැංකුවේ ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. අවුරුදු දෙකයි මාස දෙකක් යන විට අපි මේ ඉලක්ක සපුරා ගෙන තිබෙනවා. නමුත් මාස 15ක් ඇතුළත ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රගතියක් ලබා ගත්තා. මෙයට ජනාධිපතිතුමා දක්වපු නායකත්වය, රජය සහ ජනතාව එක්ව රට ආර්ථිකයමය වශයෙන් නැවත නඟා සිටුවන්න කළ කැපවීම ලෝකය ඉහළින්ම අගය කළා.

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න අවබෝධයක් ඇතිව නෙවෙයි කියලා මම දිගටම කිව්වා. ඇත්තටම ඒක අනවබෝධය නෙවෙයි. දේශපාලන කුහකත්වයෙන් කළ ප්‍රකාශ බව අද තහවුරු වෙනවා. දේශපාලනයත්, රටේ ආර්ථිකයත් මිශ්‍ර කරගෙන, දේශපාලනික පැවැත්ම වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවන්න විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් කටයුතු කිරීම නිසා, ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ තරම මොකක්ද කියන එක ජනතාවට තේරුම් ගන්න පුළුවන්.

අද ගානාව, ඉක්වදෝරය, ආජන්ටිනාව ගැන කතා කළා. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අඩු ආදායම්ලාභී රටවල් හා මැදි ආදායම්ලාභී රටවල් ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. අඩු ආදායම්ලාභී රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඇතිවන සංකීර්ණත්වය මැදි ආදායම් රටක ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී දකින්න නැහැ. අඩු ආදායම්ලාභී රටක ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව දැනටමත් ගෝලීය වශයෙන් අත්දැකීම් තියෙනවා. ඒ සඳහා වූ පොදු රාමුවක් තියෙනවා. නමුත් අපේ රට ගැන බැලුවොත් අපටම විශේෂිත වූ රාමුවක් සකස් වුණා. ඉන්දියාවත්, ජපානයත්, ප්‍රංශයත් සම සභාපතිත්වය දරන, ඒ වගේම පැරිස් සමාජයේ රටවල් ඇතුළත් නිල ණය හිමියන්ගේ කමිටුවක් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම සහ ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වෙනුවෙන් ම නිර්මාණය වුණා. චීනය නිල ණය හිමියන්ගේ කමිටුවේ සාමාජිකත්වය නොදැරුවත්, චීනයත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

විපක්ෂය ඝානාවල ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ විදිය අනුගමනය නොකළේ ඇයි අහනවා. අද වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% වේ සිට 1.7% දක්වා අඩු වී ඇති බව විපක්‍ෂනායකතුමාට උපදෙස් දීපු අය දැනුම් දීලා නැහැ. අපේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ අවුරුද්දක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය 10% මට්ටමකට ඇවිත්. හැබැයි එතුමා උදාහරණය විදියට ගත්ත ගානාවෙ 2024 උද්ධමනය 23.1% ක්. එතුමා අගය නොකරන ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවෙලා. භාණ්ඩාගාර බිල්පත් අනුපාතය එතුමා හොඳයි කියලා අනුගමනය කරන්න කියන ඝානාවෙ සීයට 27.8% යි. අවුරුද්දක කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාත. ශ්‍රී ලංකාවේ සියයට 10.3%යි. මේ පිළිබඳවත් විපක්ෂ නායකතුමාගේ උපදේශකවරුන් එතුමාව දැනුවත් කළා නම් වඩා හොඳයි කියලා මම යෝජනා කරනවා. එහෙම නැති වුනොත් එතුමා තවදුරටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් එතුමාගේ තියෙන කුහකත්වය රටට ප්‍රදර්ශනය කරයි.

ඉක්වධෝරය සහ ආජන්ටිනාව පිළිබඳ කතා කළා. ආජන්ටිනාව කිහිප වතාවක් ණය ගෙවීම නවත්වලා අවසාන වශයෙන් මේ රටවල් දෙකම 2020 ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගියා. අවුරුද්දක කාලයක් තුළ ඔවුන්ගේ බැඳුම්කර හිමියන් සමග එකඟතාවයකට එනවා. ඒක විපක්ෂ නායකතුමාට කවුරුහරි කියලා තියෙනවා. එහෙම කියල නැති කාරණය තමයි ආජන්ටිනාව පැරිස් සමාජයේ රටවල් සමග එකඟතාවයකට එන්නේ 2022 ඔක්තෝම්බර් මාසයේ. ඉක්වධෝරය චීනයත් එක්ක එකඟතාවයකට එන්නේ 2022 සැප්තැම්බර් මාසයේ. විපක්ෂ නායකවරයා අගය නොකරන ශ්‍රී ලංකාව ලංකාව මාස පහළොවක් ඇතුළත අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා. ද්වීපාර්ශවීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා කඩිනමින් අපේ උපදේශකයින් සමග පවත්වන සාකච්ඡා තුළ බැඳුම්කර හිමියන් සහ අනෙකුත් වාණිජමය ණය හිමියන් සමඟ එකඟතාවයකට එන්න. එතුමා අගය කරන ආජන්ටිනාවත් ඉක්වධෝරයත් මේ කියන සීමාවට එන්න ආසන්න වශයෙන් අවුරුදු තුනක් ගත කළා. මේ වෙලාවේ එතුමා ගන්න උපදෙස් නිවැරදි නැහැ.

අද පාර්ලිමේන්තුවේ බාබ ඩෝස් ගැන කිව්වා. 2018 ඉඳලා මාස 18 ක් යනවා ඔවුන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ දේශීය ණය ඔවුන් ප්‍රතිව්‍යුහගතකරණය කළා. ඔවුන්ගේ ද්වීපාර්ශවීක ණය තිබුනේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1% ක් විතර ප්‍රමාණයක්.අපේ වගේ සංකීර්ණ තත්ත්වයක් ඒ රටේ තිබුණේත් නැහැ. පැරිස් ක්ලබ් එකේ රටවල් එක්ක ඔවුන් ණය අරන් තිබුණේ නැහැ. චීනය සමග ණය අරගෙන තිබුණෙත් නැහැ. මේ සංසන්දනය කරන්නේ එකකට එකක් නොගැලපෙන ක්‍රමවේද. පිළිගත්ත සම්මතයන්ගෙන් පරිබාහිර ක්‍රමවේද. අනෙක් පැත්තෙන් වැරදි තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්නවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ වෙනකොට අපි ලබාගෙන තිබෙන ප්‍රගතියත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අපට ලබා ගැනීමට තිබෙන සම්පූර්ණ කිරීමට තිබෙන ඉලක්ක සහ අනිත් පැත්තෙන් මේ රටවල් එක්ක සංසන්දනය කරද්දී මං මේ කියපු රටවල් එක්ක පැහැදිලිවම ශ්‍රී ලංකාව ලංකාව ඉදිරියෙන් ඉන්නවා.

දැන් කියනවා අපි තමයි කිව්වේ ඉස්සෙල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. ඒක ඇත්ත. රටේ එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තුළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නොයනවද කියලා බෙදීමක් තිබුණා. එක කණ්ඩායමක් කිව්වා අයි.එම්.එෆ් එකට ගියොත් එහෙම ඔවුන් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙනවා. ඒ තත්ත්වය තුළ දේශපාලන අවස්ථාවර භාවය ගොඩනැගෙනවා. ඒවගේම තව කණ්ඩායමක් කිව්වා, නැහැ. දේශීය යාන්ත්‍රණයක් පාවිච්චි කරලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරමු කියලා. අර ඉල්ලා අස්වෙනවා කියපු කණ්ඩායම් බොහොමයක් අද විපක්ෂයට වෙලා මේ ගොඩනැගෙන ආර්ථිකය පිළිබඳ විවේචන ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ වගේම අනික් පැත්තෙන් කකුලෙන් ඇදීම් දිගටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් වූ දවසේ ඉඳලා සිදුවෙනවා.

ආපස්සට ගියොත් 2022 ජූලි මාසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අගමැතිවරයා. ජූනි 20 හෝ ඒ ආසන්න දිනයක අයි.එම්.එෆ දූත පිරිස ලංකාවට එනවා. අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කියලා, ඉලක්ක සපුරා ගන්නේ කොහොමද කියලා කතා කළා. මොකක්ද රටේ ඇතිවෙන තත්ත්වය. එදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මුදල් අමාත්‍යාංශයේ දොරටුවෙන් එළියට යන්න බැහැ. අරගලකරුවෝ ඔය කියන දේශපාලන කුහකත්වය තියෙන අය මුදල් අමාත්‍යංශය වටකරගෙන හිටියා. එහි අරමුණ තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මේ සාකච්ඡා වලට සහභාගි වීමට ඉඩ නොදීම. සහභාගි වෙන්න ඉඩ දුන්නොත් එහෙම එවකට අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩනැගීමේ මූලාරම්භය සනිටුහන් කරලා ඉදිරියට යන්න කටයුතු කරයි කියල ඔවුන් හිතනවා.

2023 අප්‍රේල් 28 කියන්නේ අපේ රටේ ඉතාම තීරණාත්මක දිනයක්. සමහර අය දැන් මේ කාරණා පිළිබඳ ඒ තරම් අවධානයක් යොමු කරලා නැහැ. ශ්‍රී ලංකාව ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවලිය පාර්ලිමේන්තුවට අරගෙන ආවා. ජනාධිපතිතුමා සියලු දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගත්තේ මේ හැම කටයුත්තක්ම ඉතාම වැදගත්, ඉතාම සංකීර්ණ රටේ අනාගතය තීන්දු වන ප්‍රධාන කාරණා නිසයි. ඒ අවස්ථාවේ පක්ෂව ලැබුණේ ඡන්ද 119යි. විරුද්ධව ඡන්ද 25ක්ලැබෙනවා. සමගි ජන බලවේගය ඡන්දය ප්‍රකාශ නොකර එයින් නැගිට යනවා. පාර්ලිමේන්තුවේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන ක්‍රම තුනක් තියෙනවා.එකක් පක්ෂව ඡන්දය දීම. අනික විරුද්ධව ඡන්දෙදීම. අනිත් එක තමයි කොහෙටවත් නැතුව මොකුත් නොකියා ඉන්න එක. සමගි ජන බල වේගය ඡන්දෙ දුන්නේ නැහැ. නැගිට ගියා. ඒ අයගේ බලාපොරොත්තුව තිබුණේ රටේ ආර්ථිකය ගොඩනැගීම නම් එදා මේ යෝජනාවලට පක්ෂව ඡන්දෙ දෙන්න ඕනෙ. අද කියන කතා ඇහුවහම ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍ය පරිදි ඔවුන්ගේ කටයුත්ත කළා. 2023 ජූලි මාසේ 21 තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් වුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2024 ජූනි මාසේ 26 වැනිදා නිල ණය හිමියන් සමග එකඟතාවය අත්සන් කරන්නේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයට පළමු පියවර තමයි එදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් කටයුතු කිරීම. ඒ අවස්ථාවේ මේ අය මොකද කළේ. පක්ෂව ඡන්ද 121යි. විරුද්ධව ඡන්ද 56 යි . සජබේ එතන විරුද්ධව චන්දෙ දීපු කාණ්ඩයක්. මේ විරුද්ධ පක්ෂයේ ඉන්න උදවිය මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තිබෙන කුහකත්වය නැවත නැවතත් ප්‍රකාශ කරලා, රටට ඇවිල්ල කියනවා රට ගොඩනගන්න අවශ්‍ය යෝජනාවලියක් දුන්නා කියලා. ඒ නිසා සමග ජන බලවේගයත් කකුලෙන් ඇද්දා. ජනතාව විමුක්ති පෙරමුණත් කකුලෙන් ඇද්දා. ජාතික ජන බලවේගය නමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ කකුලෙන් අදින්න දායකත්වය දැක්වූවා.

මගේ හිතවත් හර්ෂ, උගත් මන්ත්‍රීතුමා මේ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වනවා. මොකද කළේ? එතුමා තාක්ෂණිකව බාධාවක් කළේ නැහැ. නමුත් ඔහු දේශපාලන බාධාව කළා. එතුමා දන්නවා තාක්ෂණිකව මේකට බාධා කළොත් එතුමා බලාපොරොත්තු වෙන පිළිගැනීම එතුමාට ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට කළේ එක පැත්තකින් පිළිගැනීමක් ගන්න තාක්ෂණිකව බාධා කළේ නැහැ. අනික් පැත්තෙන් එතුමගෙ දැනුම භාවිතා කරලා තාක්ෂණික විශ්ලේෂණ කළා. දේශපාලනික වශයෙන් ඒ බාධාව සිදුකළා. හර්ෂ කළේ කකුලෙන් අදිනවට වඩා වැලමිටෙන් අදින එක.

2022 මැයි මාසෙ10ය අපේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා ටුවිට් එකක් දැම්මා. එතුමා සඳහන් කරන දේ තමයි විසඳා ගැනීමට බලාපොරොත්තුවක් පවා තියන්න බැරි මහා විශාල බරපතළ අභියෝගයක් රට හමුවේ තියෙනවා කියන එක.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැය තුනක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහා බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා, හර්ෂ, එරාන්, කබීර් හෂිම් මන්ත්‍රීවරුන්. දරා ගත නොහැකි ජයගත නොහැකි දැවැන්ත අභියෝගයක් රට හමුවේ තියෙන බව දැනගත්තා. මෙන්න මෙතන තමයි ඔවුන් වගකීම බාරගන්නේ නැතුව පලා යන්න තීරණය කරන්නේ. පලායන්න තීරණය කරලා වගකීම ගන්න අකමැතිකම, බැරිකම පෙන්නුම් කරලා අද රට ගොඩනැගෙද්දී ඒ පිළිබඳව යම් ප්‍රශංසාවක් ලබා දුන්නොත් හොඳයි. හර්ෂ මන්ත්‍රීතුමා කියන ආකාරයට 2022 මැයි මාසෙ 10ය වෙනකොට විසඳා ගත නොහැකි බරපතළ අර්බුදයක් රටේ තිබුණේ. මේක මහා විශාල අභියෝගයක්. මෙතුමාගේ ට්විටර් පණිවිඩයේ සිට අවුරුදු දෙකයි මාසයක් යද්දි රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථික අභියෝගය ජය ගන්න කටයුතු කළා.

එතුමා කියන විදිහටම මේ රටේ ඉදිරි අවුරුදු පහේ ජනාධිපතිවරයා බවට පත් විය යුත්තේ රනිල් වික්‍රමසිංහ කියන එක හර්ෂ 2022 මැයි මාස 10 තහවුරු කරලා තියෙනවා. එයා කියනවා නම් මේක විසඳන්නත් බැරි අර්බුදයක්, විශාල අර්බුදයක් කියලා රට පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ කියලා , ඒ අභියෝගයෙන් පැනලා ගිහිල්ලා ආර්ථික ස්ථාවරත්වය විවේචනය කරනවනම් ඔවුන්ට මේක කරන්න බැහැ, කළ හැකි පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි කියන එක තහවුරු කරලා අවසානයි. හර්ෂ තාක්ෂණික වශයෙන් අවශ්‍ය සහයෝගය මුදල් කාරක සභාවේදී ලබා දුන්නා. හැබැයි එතුමා දේශපාලන බාධාව එළියේ ඉඳලා කළා. ඒකයි මම කිව්වෙ සමගි ජන බලවේගය කකුලෙන් අදිද්දී ජනතාව විමුක්ති පෙරමුණ කකුලෙන් අදිද්දී ජාතික ජන බලවේගය කකුලෙන් අදිද්දි මගේ මිත්‍ර හර්ෂ වැලමිටෙන් ඇද්ද කියල. ප්‍රධාන වශයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී කාරණා තුනක් තියෙනවා.

අද නැවතත් විපක්ෂ නායකතුමා කුහකත්වය කොයිතරම් පෙන්නුම් කරාද කිව්වොත් එතුමා කියනවා. 2033 ඉඳලා මේ ගෙවීම් කරන්න ඕනෙ. ඇයි අපි 2028 ඉඳලා කරන්න එකඟ වෙන්නේ කියලා. අපිට අපේ ණය හිමියෝ ණය ගෙවීමට 2024/2027 දක්වා සහන කාලයක් තියෙනවා. බිලියන5 ක විතර ණය ප්‍රමාණය ගෙවන්නේ නැතුව අපට ඒ කාලය තුළ එන වාසිය මේ රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන්න අවකාශය දීලා තියෙනවා. මේ එකඟතාවයන් එන්නේ අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ අපි එකඟ වූ ප්‍රධාන කාරණා තුනක් මත.

එක, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 95%ක් දක්වා අඩු කර ගැනීම, 2022 මේ ප්‍රමාණය 128%. 2031 වෙද්දී අපේ ණය ප්‍රමාණය අපි 95% දක්වා අඩු කරගන්න ඕනේ. අපේ දල මූල්‍යන අවශ්‍යතාවය 2012 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදනයෙන් 34.6%යි. මේ ප්‍රමාණ 13% දක්වා අඩුකර ගැනීමට 2027 සහ 2032 අතර කාලරාමුවක් දීලා තියෙනවා. විදේශීය ණය සේවාකරණයේදී 2027 / 2032 කාල පරිච්ඡේදය තුළ 2022 දළ දේශීය නිෂ්පාදනයෙන් 9.4% ක දේශීය ණය සේවාකරණය 4.5%ක් දක්වා අඩු කරගත යුතුයි. මේ ඉලක්ක තුන සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් නිශ්චිත වූ ණය ප්‍රතිව්‍යුහගතකරණයට තමයි අපේ ණය හිමියන් සහ ශ්‍රී ලංකාව ලංකාව අද එකඟතාවය පළ කර තියෙන්නේ.

අපි මේ එකඟතාවයට පැමිණීමේදී බලන ක්‍රමවේදයන් තිබෙනවා. මේක ණය ගත්ත අපට තීන්දු කරන්නත් බැහැ. ණය දීපු රටවලට තීන්දු කරන්නත් බැහැ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් ප්‍රසිද්ධ කරපු ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා වූ විශ්ලේෂණය මත පදනම් වෙලා තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ඒක නිසා තමයි අපිට මේ හෙයා කට් එකක් පිළිබඳව සමහර වෙලාවට ඇහෙන්නේ. අහවල් රටේ මේ තරම් හෙයාකට් එකක් හම්බවුණා. මේ රටේ මෙච්චරයි හෙයාකට් එක හම්බ වුණේ.උදාහරණ හැටියට දක්වන රටවල් පොදු රාමුවක කටයුතු කරන අඩු ආදායම්ලාභී රටවල්. 2022 දක්වා සහන කාලයක් අපිට ණයහිමියන් ලබා දීලා තියෙනවා. ඊළඟට ණය ගෙවලා අවසාන කිරීමේ කාලය 2043 දක්වා දීර්ඝ කරලා තියෙනවා. පොලී අනුපාතයන්වල අඩු කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තුවවූ සහනය ණය හිමියන් අපට ලබා දීලා තියෙනවා.

අපේ බැඳුම්කර හිමියන් සමඟ අවසාන එකඟතාවයකට පැමිණීම කඩිනමින් කරන්න රජයට පුළුවන් වෙයි කියලා විශාල බලාපොරොත්තුවකින් අපි ඉන්නවා. චීන සංවර්ධන බැංකුවත් එක්ක ඒ අවශ්‍ය එකඟතාවයකට පැමිණීම කරන්න පුළුවන් වෙයි කියලා අපි විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා. රට ණය තිරසර භාවය ළඟා කර ගැනීම වෙනුවෙන් තිබුණු අවිනිශ්චිතතා සියල්ල මේ වෙනකොට අවසන් වෙලා තිබෙනවා.

එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ කිව්වා. එතුමාට ජන මතයක් නැහැ කිව්වා. ව්‍යවස්ථා විරෝධීව පත්වුණා කිව්වා. අපි කිව්වා මේ පත්වීම ව්‍යවස්ථානුකූලයි. ජන මතයේ ගැටලුවක් එන්නේ නැහැ කියලා.මේ පත්කිරීම කරන්නේ කොහොමද කියලා ව්‍යවස්ථාවේ අඩංගු වෙනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් සහා ජාත්‍යන්තරයේ පිළිගැනීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහයෝගය දෙන්නේ නැහැ කිව්වා. පළවෙනි වාරිකය හම්බවුණාම කිව්වා දෙවැනි වාරිකය හම්බවෙන්නේ නෑ කියලා. දෙවැනි වාරිකය හම්බවුණාම කිව්ව තුන්වෙනි වාරිකයා හම්බවෙන්නේ නැහැ කියලා. තුන්වෙනි වාරිකය හම්බවු නහම කිව්වා ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න බැහැ කියලා. ඊට පස්සේ කිව්වා බැඳුම් කර හිමියන් අපට එකඟතාවය පළ කරන්නේ නැහැ කියලා. මේ වගේ විශාල දේවල් කිව්වා. හැබැයි අපි ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ යන්න ඕන ඉලක්කය සම්පූර්ණ කළා. දේශපාලන කුහකයන් මොනවා කිව්වත් රට වෙනුවෙන් අවශ්‍ය ඒ කටයුතු සිදු කළා. ඒ හින්දා මම හිතන්නේ මෙතනින් එහාට ගමන් කිරීමේදී අප තවත් කල්පනාකාරී විය යුතුයි.

අපට ඡන්දය ඉලක්ක කරගෙන කරන්න බැරි බලාපොරොත්තු දෙන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරද්දි කිව්වේ මේ රාමුව ඇතුලේ කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි කියලා.

තවත් විකල්ප දේවල් තියෙනවා නම් ජනාධිපතිතුමා සූදානම් මේ කියන යෝජනා පිළිගත හැකි යෝජනා බවට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන්න. හැබැයි ඒ හැම තැනකින්ම මගහරින්න ඔවුන් කටයුතු කළා. හැබැයි අපි ආර්ථිකමය වශයෙන් අපිට අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අපි සිදු කරලා අවසන් කරලා තියෙනවා. අනිත් කටයුතුත් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා අවසන් කළා කියලා.

ඊට පස්සේ ශ්‍රේණිගත කිරීම් ආයතන ධනාත්මකව බලන්න පුළුවන් පසුබිම අපි ඔවුන්ට නිර්මාණය කරලා දෙන්න ඕනේ. ඒ පසුබිම අපට නිර්මාණය කරන්න පුළුවන්. අපිට ආර්ථික වශයෙන් විශාල පීඩාවක් තිබුණා. අවිනිශතා රාශියක් තිබුණා. බලාපොරොත්තු රහිතව හිටපු රටක්. අද සුභවාදීව සුබ ගමන් මඟක ඇවිල්ලා තියෙනවා. මේ රටේ ආර්ථිකය ගොඩනැගීම පිළිබඳ ඒ දිශානතිය පෙන්නුම් කරලා තියෙනවා.

Share with your friends :