27 C
Colombo
24/09/2024

භාණ්ඩවල නිෂ්පාදන හා ආනයනික වියදම සහ විකුණුම් මිල අතර විශාල පරතරයක්

Share with your friends :

ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන
නොලැබෙන්නේ ඇයි ද යන්න අදාල අංශ නොපමාව ම අවධානය යොමු කල යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනය කරයි.

එහි මහලේකම් සුනිල් ජයසේකර නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ යහපත් කළමනාකරණයක් හා නියාමන යාන්ත්‍රණ පවත්වාගෙන යන ලොව‍ ඕනෑම සමාජයක උද්ධමනය පහළ බසින්නා වූ තත්ත්වයක එහි සහනය පාරිභෝගිකයන් වෙත හිමිවීම සහතික වන බවයි.

එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ බොහෝ පාරිභෝගික ද්‍රව්‍යවල නිෂ්පාදන හා ආනයනික වියදම සහ විකුණුම් මිල අතර විශාල පරතරයක් දක්නට ඇතැයි එම ව්‍යාපාරය පවසයි.

“සමහර භාණ්ඩවලට අදාලව එකී පරතරය 100%ත් 200%ත් අතර වන තරම් ඉතා ඉහළ අගයක පවතින බව දැකගත හැකිය. එය ඉතාමත් අසාධාරණ හා අයුක්ති සහගත තත්ත්වයකි.”

මෙවන් තත්වයක් ඇති වීමට හේතුව පාරිභෝගික අයිතින් ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත ආයතන තම වගකීම හා කාර්ය භාර්ය ක්‍රියාත්මක නොකිරීමත් සාධාරණ මිල යාන්ත්‍රණයක් සහතික කිරීමට ඇති කරගත යුතුව තිබෙන නියාමන හා මැදිහත්වීමේ යාන්ත්‍රණ ගැන රටේ වගකිව යුතු අංශ නිසි අවධානයක් යොමු නොකිරිම බවට එම නිවේදනයෙන් චෝදනා කර ඇත.

එබැවින් නොපමාව ම ඒ ගැන අවධානය යොමු කරමින් වෙළඳපොළ සක්‍රීයතාවය මෙන් ම පාරිභෝගිකයාගේ අයිතින් ආරක්ෂා කරන නිසි වැඩපිළිවෙළකට යොමු වන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වගකිව යුතු ආයතනවලින් ඉල්ලා සිටි.

Share with your friends :