27 C
Colombo
27/09/2024

ශ්‍රීලංකන් විකුනන්නේ නැහැ

Share with your friends :

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

නීතිය අනුව පවා වෙනත් සමාගමකට ලබා දිය හැක්කේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණක් බවත් කෙසේ නමුත් මේ දක්වා ඊට සුදුසු ආයෝජකයකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (3) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන් තොටුපොල කළමනාකාරීත්වයද ඉදිරි සති කිහිපය ඇතුලත රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා ඩොලර් මිලියන 69ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙන බව සඳහන් කළේය. ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා කීය

Share with your friends :