27 C
Colombo
26/09/2024

බ්‍රිතාන්‍ය මැතිවරණය හෙට

Share with your friends :

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය හෙට (4) ආරම්භ වෙයි.

මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයටය.

මැතිවරණයට මඟ පෑදුණේ පසුගිය මැයි 22 වැනිදා, පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයකට යා යුතු යැයි පාලක කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම, අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් තීරණය කළ බැවිනි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. හෙට දිනයේ (4) පැවැත්වෙන මහ මැතිවරණයට කොන්සවර්ටිව් පක්ෂයෙන් රිෂී සුනාක් සහභාගී වන අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ විපක්ෂ නායක මෙන්ම කම්කරු පක්ෂයේ නායකාය ද වන කීර් ස්ටාර්මර්ය. තවත් කුඩා පක්ෂ සහ ස්වාධීන පක්ෂ වෙන් වෙන්ව, කොන්සවර්ටිව් පක්ෂයටත්, කම්කරු පක්ෂයටත් සහාය දෙයි.

මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය යනු එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයයි. ලෝකයේ හයවැනි ආර්ථික බලවතා එක්සත් රාජධානියයි. එක්සත් රාජධානියේ ජනගහනය මිලියන 67 කි.

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල හෙට (4) උදෑසන 7 ට ආරම්භ වන අතර, රාත්‍රී 10 තෙක් විවෘතව තැබෙනු ඇත. පශ්චාත් මැතිවරණ අනාවැකි පළ කිරීම රාත්‍රී 10 න් පසු බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන විසින් සිදු කරනු ලැබේ. මිලියනයකට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ බලධාරීහු පවසති.

Share with your friends :