27 C
Colombo
26/09/2024

තැපැල් රියදුරන් 81 කට ලක්ෂ 136 ක් අතිකාල ගෙවලා

Share with your friends :

තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා කාලයේදී ය.

එම කිසිදු අතිකාල වවුචරයක රියදුරු ධාවනය කළ වාහනවල අංක සටහන් කර නොතිබූ බවත් මේ අනුව එම ගෙවීම් පිළිබඳ නිවැරදිභාවය විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් වාර්තාව සඳහන් කරයි.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට අයත් නොවන අභ්‍යන්තර විගණන අංශයේ සේවකයන් සඳහා ඉකුත් වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ දොළහක පමණ දීමනා ගෙවා තිබූ අතර මෙම දීමනා ගෙවීම සඳහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.

Share with your friends :