27 C
Colombo
24/02/2025

ජනපති රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නැයි සාගර කියලා

Share with your friends :

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

කාරියවසම් මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තාක්ෂණ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නිසි වෙලාවට ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය

Share with your friends :