27 C
Colombo
27/09/2024

අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනියි

Share with your friends :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය

ඒ අනුව ජයසේකර මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් සඳහන් කළේය

හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ අධිකරණයේ තීන්දුව ගැන සතුටු වන බවත් ඒ අනුව කිසිදු මතභේදයකින් තොරව හිටපු ජනාධිපතිවරයා සමගද පක්ෂය වෙනුවෙන් සිය නොමද කැපවීම ඉදිරියටම සිදුකරන බවය අධිකරණයේ තීන්දුව ප්‍රකාර තමාගේ ලේකම් තනතුර සඳහා කිසිවෙකුටත් බාධා කිරීමට නොහැකි බවද හෙතෙම සිහිපත් කළේය

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවයෙන් එම කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමට ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඊට ප්‍රතිචාරයක් නොලැබිණි

කෙසේ වෙතත් එම කණ්ඩායමේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය වෙත යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රී පිල සූදානම් වන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ සභාපති ලෙස පත්කර ගෙන ඇති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් අධිකරණය මගින් වාරණ නියෝගයක් පනවා තිබේ

Share with your friends :