27 C
Colombo
27/09/2024

ශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට ?

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික්‍රමසිංහ මෙම තහනම නිකුත් කළේය .

තහනම් නියෝගය නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වන අතර මෙම නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයේ කටයුතු කිරීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව දයාසිරි ජයසේකර සඳහන් කළේය.

Share with your friends :