27 C
Colombo
28/09/2024

’’මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ’’

Share with your friends :

ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය

මේ පෙරට එන ජන ගඟ අවලාද වලින් නතර කිරීමට නොහැකි බව තහවුරු වී ඇතැයි පැවසූ දිසානායක මහතා බාධක දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ යන කියමන සිහිපත් කරගත යුතුව ඇතැයිද කීය

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවේ ප්‍රථම කළුතර දිස්ත්‍රික් රැළිය අමතමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා කියා සිටියේ විසි එක් වෙනි සියවස වෙනුවෙන් අපේ රට නව පුනරද යුගයක් සඳහා පිම්මක් පැනිය යුතු බවය එම නිසා එළඹෙන ජනාධිපතිවරණය හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමක් පමණක් නොව රටේ එම නව පිම්ම වෙනුවෙන් සියලු බලවේග එකට එක්වන අවස්ථා.වක් ලෙස මෙය සලකන ලෙසද ඉල්ලා සිටියේය.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනතුරු සහන ලබා දෙන බව පැවසූ ඒ මහතා එම ජනතාව දෙපයින් නැඟී සිටිය හැකි නිෂ්පාදන ආර්ථික තත්ත්වයක් මෙරට ඇති කරන බවද පැවසීය

Share with your friends :