27 C
Colombo
28/09/2024

බස් ගාස්තු අඩු කරයි

Share with your friends :

බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශෂී වෙල්ගම මහතා එසේ පැවසීය.

රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව මෙම ගාස්තු අඩු කිරීමත් සමඟ රුපියල් දෙකකින් පහළ යන බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 28 ක් බවට පත්වන බවත් ඒ මහතා කීය.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය කරන බව ද ශෂී වෙල්ගම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :