27 C
Colombo
29/09/2024

දුම්රියේ පයිලට්ලා සුර්වී යකා නටලා

Share with your friends :

කොළඹ සිට මහනුවර බලා අද පෙ.ව. 10 .40 ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පලා යද්දී දුම්රියේ සිටි මගීහු ලුහු බැඳ ගොස් අල්ලා දුම්රිය සහාය රියදුරා යොදවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ධාවනය කිරීමට කටයුතු කළහ.

පසුව එම බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට පියවර ගනු ලැබීය.

මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරී වරයාටද දැනුම් දී අදාළ රියදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යන බව දුම්රිය ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය නිසා කොළඹ සිට පැමිණි දුමිරියේ මගීන්ද කලබලයට පත්ව ඇත.

මෙම දුම්රිය මහනුවරට ළඟා වීමට නියමිතව තිබුණේ ප .ව.1 .40 ට වුවත් දුම්රිය පැමිණ ඇත්තේ සවස 2 30 ට බව මගීහු පැවසූහ.

Share with your friends :