T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ගයනා හිදී අද පැවති දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 68 කින් පරදවමින් ඉන්දියාව විශිෂ්ඨ ජයක් වාර්තා කළේය. ඒ අනුව මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව හා දකුණු අප්රිකාව අතරය.
එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළේය.
තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 172කි. එහෙත් එංගලන්තයට ඕවර් 16.4 කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 103 ක් පමණි.
තරගය ආරම්භයට පෙර සහ තරගය පැවැත්වෙන අතරතුරත් විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබුණි.