සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (28) පැවසීය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බවත් ඇය ඒ දක්වා විශේෂ ඉල්ලීමක් නොකළ බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා කීය.
ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැන නැගී නොමැති බව ද දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩසහිත සිරදඩුවම් අද (28) පැනවීය.