27 C
Colombo
19/01/2025

පාර්ලිමේන්තුව ගිනි තබා කෙන්යානුවන් දුන් පණිවිඩයෙන් නව බදු අහෝසියි

Share with your friends :

කෙන්යාවේ යෝජිත බදු වැඩි කිරීම අත්හිටුවීමට එරට රජය හා ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
එරට ජනතාව නව බදු වැඩිකිරීම් වලට විරෝධය පා පාර්ලිමේන්තුවටද ගිනි තැබුහ. ඇතිවූ ගැටුම්වලින් 22 ක් මියගිය අතර තවත් සිය ගණන් තුවාල ලබා තිබේ.
කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පවසන්නේ අඟහරුවාදා පාර්ලිමේන්තුව ගිනි තැබූ මාරාන්තික විරෝධතාවලින් පසු මතභේදාත්මක බදු වැඩිකිරීම් ඇතුළත් මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බවයි.
ජාතිය අමතමින් ඔහු කියා සිටියේ කෙන්යානුවන්ට මෙම පනත ” අවශ්‍ය නොවන” බව පැහැදිලි බවයි.
ජනතා විරෝධය පිළිගනිමින් ඔහු කියා සිටියේ පනතට අත්සන් නොකරන බවයි.
රාජ්‍ය අරමුදල් සපයන කෙන්යාවේ මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසමට අනුව අඟහරුවාදා විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගියහ.

Share with your friends :