විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (24) සමත්විය.
ඒ එම තරගය ලකුණු 27කින් ජය ගනිමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.
එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 92ක් රැස් කළේය.
පන්දු යැවීමේදී Mitchell Starc සහ Marcus Stoinis කඩුලු 2ක බැගින් දවා ගත්තේය.
ලකුණු 206ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි.
ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.