27 C
Colombo
19/01/2025

ෆොන්සේකා අගමැති අපේක්ෂකත්වය සමග මාෂල් තනතුර ඉල්ලයි ?

Share with your friends :

සමගි ජනබලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලබන සතියේ දී පිල්මරුවක් සමග එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට එක්වනු ඇතැයි පැවසේ.
මෙහිදී අදාළ පිල්මාරුව සඳහා කොන්දේසි ලෙස සරත් ෆොන්සේකා ඉල්ලා ඇත්තේ අගමැති අපේක්ෂකත්වය හා මාෂල් තනතුරු නාමය බව සඳහන්ය.

මේ අනුව සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතය.
ජනපති රනිල් වික්‍රමසිංහ ලබන 26 දා රටේ බංකොලොත් බව අවසන් කළේ යයි නිල ප්‍රකාශයක් සිදු කරන්නට නියමිතය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පසුගිය සතියේ නිර්දය ලෙස විවේචනය කිරීම පසුපස මෙම වෙනස පිළිබඳ ඉඟියක්ද සැපයූ අතර ලබන සතියේදී සරත් ෆොන්සේකා යුද්ධය ගැන ඔහු ලියූ බව කියන සුවිශේෂ ග්‍රන්ථයක් එළිදක්වන බවත් එහිදී රනිල් වික්‍රමසිංහ ෆොන්සේකාගේ පොත් දොරට වැඩුමට එක්වන බවත් පැවසේ.

මෙම අවස්ථාවේදී තමන් එජාපයට යළි එක්වන කතාව ෆොන්සේකා ප්‍රකාශ කරන්නට නියමිත අතර ෆොන්සේකා රනිල් වෙත එක්වීම සමග රාජපක්ෂ සහය රනිල් වෙතින් දුරස් වනු ඇතැයි දේශපාලන ආරංචි හෙළි කරයි.

ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන්නේ ‘මාර්ෂල් ‘ තනතුරය. තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැලකෙන ”මාර්ෂල්” තනතුර ඔහුට ලැබෙන්නේ උතුරේ යුද ජයග්‍රහණය සඳහා ෆොන්සේකා කරන ලද කැප කිරීම සලකාය.

යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.

ලබන 27 වනදා දැනට දිනයොදා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ යුද්ධය ගැන පොත එළිදක්වන අතර එම පොතින් රාජපක්ෂ පාලකයින් දැඩි දෝෂදර්ශනයට ලක්කරනු ඇතැයිද පැවසේ.

ජනාධිපතිවරයා ලබන 26 වැනිදා ජාතිය අමතා රට බංකොලොත්භාවයෙන් මිදුණු බවට නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ඒ සමගම ජනාධිපතිවරයා 27 සහ 28 යන දෙදින තුළ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්ද කැඳවා රට බංකොලොත්භාවයෙන් මිදීමේ පුවත නිල වශයෙන් පාර්ලිමේන්තුවටද දැනුම් දෙනු ඇත.
30 වැනිදා මාතර ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනක් දැනට කාලසටහනේ තිබෙන අතර දේශපාලන ආරංචි හෙළි කරන්නේ ඊට ජනපති සහභාගි වී නිල වශයෙන් තමන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ ප්‍රකාශය සිදුකරන බවය.
මේ අතර කැබිනට් මන්ඩල සංශෝධනයක්ද ඉදිරි දිනවල සිදුවන අතර ඉදිරි දිනවල සිදුවීමට නියමිත පිල් මාරු කිරීම් සමග ජනපතිවරයාගේ කැබිනට් මණ්ඩලයට අලුතින් විපක්ෂ මුහුණු කිහිපයක් එක්කරගනු ඇතැයිද පැවසේ.

Share with your friends :