27 C
Colombo
18/01/2025

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට විභාග ප්‍රධානියා දොට්ට

Share with your friends :

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට ඉන්දීය විභාග ප්‍රධානියා සුබොද් කුමාර් සිං ඉන්දීය රජය විසින් තනතුරෙන් පහ කර තිබේ.
වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ඇතුළු ප්‍රධාන විභාගවල ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සම්බන්ධයෙන් ඉන්දීය නව රජයට එරෙහිව රටපුරා මහජන විරෝධතා ඇතිවූ අතර විභාග ප්‍රධානියා ඉවත් කෙරුනේ ඉන්පසුවය.
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා මිලියන තුනකට අධික සිසුන්ගේ අනාගතය දැඩි අවිනිශ්චිතවී තිබේ.

වෛද්‍ය විද්‍යාල සඳහා බඳවා ගැනෙන ජාතික විභාගයක් වන ජාතික සුදුසුකම් ප්‍රවේශ විභාගයේ (NEET) රටපුරා විභාග පැවැත්වීම සඳහා වගකිව යුතු ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ස්වාධීන ආයතනයක් වන National Testing Agency (NTA) ය. වෛද්‍ය අපේක්ෂකයින් සඳහා විභාගය පසුගිය මාසයේ පැවැත්විණි.

ජූනි 4 වැනි දින විභාග ප්‍රතිඵලවලින් ලකුණුවල අක්‍රමිකතා සහ ප්‍රශ්න පත්‍ර පිටවීම් පැහැදිලිව පෙන්නුම් කල අතර එම වංචාවන් සම්බන්ධයෙන් රටේ විවිධ ප්‍රදේශවල අත්අඩංගුවට ගැනීමේ රැල්ලක් ඇති විය.

එතැන් සිට, සිසුන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය සහ ප්‍රාන්ත මහාධිකරණ වෙත පැමිණිලි ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව තවත් පිරිස් විරෝධතා පවත්වමින් සහ ස්වාධීන පරීක්ෂණ සහ නැවත විභාගයක් ඉල්ලා සමාජ මාධ්‍ය වේදිකාවල උද්ඝෝෂණ සංවිධානය කර ඇත. වෛද්‍ය විද්‍යාලවල ස්ථාන 100,000ක් සඳහා තරග කරමින් අයදුම්කරුවන් මිලියන 2.4ක් පමණ NEET සඳහා පෙනී සිටියහ.
නරේන්ද්‍ර මෝඩිගේ අලුතින් පිහිටුවන ලද සභාග රජය ජාතික සුදුසුකම් පරීක්ෂණය (NET) අවලංගු කරන ලදී. ඒ එම ප්‍රශ්න පත්‍ර සමාජ ජාල සහ ටෙලිග්‍රාම් ජලය හරහා බෙදා හරින ලද බවට වාර්තා වීමෙන් පසුව බව ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් පැවසීය.

මේ අතර, වෛද්‍යවරුන් සහ විද්වතුන් බවට පත්වන්නේ කවුරුන්ද යන්න තීරණය කරන රටේ ප්‍රධාන විභාගවල දූෂණ මැඩලීමට මෝඩි රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂයේ නායකයින් සහ නීති විශාරදයින් විසින් රජය දැඩි ලෙස විවේචනය කර ඇත.

NEET ප්‍රතිඵල සිසුන් සහ ගුරුවරුන් එකසේ මවිතයට පත් කළේ සිසුන් 67 දෙනෙකු 720 න් 720 න් පරිපූර්ණ ලකුණු ලබා ගත් නිසාය. පසුගිය වසරේ එම විභාගයේ සම්පුර්න ලකුණු ලැබුවේ සිසුන් දෙදෙනෙකු පමණි. වසර දෙකකට පෙර එනම් 2022 දී එම විභාගයේ පළමු ස්ථානය දිනාගත් සිසුවා ලකුණු 715ක් ලබාගෙන තිබුණි . මේ වසරේ ලකුණු 715 ක් ලබාගත් ලබාගත් අපේක්ෂකයා 225 වැනි ස්ථානයට පත්විය.

අවම වශයෙන් සිසුන් දෙදෙනෙකු ලකුණු 720 න් 719 සහ 718 ලබා ගත් අතර, NEET හි ලකුණු කිරීමේ ක්‍රමය යටතේ සංඛ්‍යානමය වශයෙන් කළ නොහැකි ප්‍රතිඵලයකි (නිවැරදි පිළිතුර සඳහා +4 සහ වැරදි එකක් සඳහා -1), අක්‍රමිකතා පිළිබඳ සිසුන් කිහිප දෙනෙකුගේ චෝදනා පිළිබඳ සැකයන් දෙගුණ තෙගුණ කර තිබේ.

ප්‍රතිචාර වශයෙන්, NTA විසින් තමන්ව ආරක්ෂා කර ගත්තේ සිසුන් කිහිප දෙනෙකුට “සහන ලකුණු” ප්‍රදානය කරන ලද බව පවසමිනි.

Share with your friends :