ඉදිරි සතියේදී ප්‍රබල ඇමති සංශෝධනයක් සිදු කරන්නට නියමිතය. මෙහිදී ආණ්ඩුවට එක්වීමට නියමිත සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට හා නිමල් ලන්සා හා S.B.දිසානායක යන මන්ත්‍රීවරුන්ටද ප්‍රබල ඇමති ධුර ලබාදීමට නියමිතය.
නිමල් ලන්සා මන්ත්‍රීවරයාට මීට පෙරද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේද ඇමතිධුරයක් ලබාදීමට කටයුතු කල අතර එය ඒ අවස්ථාවේ ඔහු එය භාර නොගෙන අදාළ ඇමති ධුරය තම කණ්ඩායමේ නලීන් ප්‍රනාන්දු හට ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. නලීන් ප්‍රනාන්දු වැනි මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසි කනිෂ්ඨතම මන්ත්‍රීවරයෙකුට වෙළඳ ඇමති ධුරය හිමිවුයේ එම නිසාය.
මෙවර ප්‍රධාන ඇමති ධුර කීපයක් දරන ඇමතිවරුන්ගේ ඇමති ධුර අඩුකර ඒවා නව ඇමතිවරුන් වෙත ලබා දීමට නියමිතය.ඇමති ධුර කීපයක් දරන ඇමතිවරුන්ගේ ඇතැම් අමාත්‍යාංශ වල කටයුතු නිසි පරිදි සිදු නොවීම හා ඇතැම් ඇමතිවරුන්ට බරපතල දුෂණ චෝදනා එල්ලවීමද මීට බලපා තිබේ.