27 C
Colombo
19/01/2025

ගුවන් තොටුපලේදී ඇමති ප්‍රසන්නට හා දියණියට ඇබැද්දියක්

Share with your friends :

පසුගියදා විදේශ රටක සිට සිය දියණිය සමඟ ලංකාවට පැමිණි ඇමති ප්‍රසන්න රණතුංග තහනම් භාණ්ඩ රැගෙන එන බවට ශ්‍රීලංකා රේගුවට ලැබුණු ඔත්තුවක් මත ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපලේදී දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඇමතිවරයාත් දියණියත් පැමිණි මෙම යානයේ භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද මෙම යානයෙන් ලංකාවට පැමිණ ඇති අතර ගමනාගමනය අතරතුර, භාණ්ඩාගාර නිලධාරියා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පණිවිඩයක් යොමු කරමින්, ඇමැතිවරයා මෙරටට හොර බඩු ගෙන එන බවට පැමිණිල්ලක් කර තිබුණි.

මෙම තොරතුරු මත ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් 20 දෙනෙකු පමණ අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොස් තිබු අතර ඇමතිවරයා සහ ඔහුගේ දියණිය ගොඩබසින විගස රේගු නිලධාරීන් ඔවුන් වටකර පරීක්ෂා කර ඇත. ඔවුන්ගේ ගමන් මලු ප්‍රසිද්ධියේ සෝදිසි කළ බවද කියැවේ. කෙසේ වෙතත්, චෝදනා කිසිවක් ඔප්පු කිරීමට සාක්ෂි හමු නොවීය. මෙම පරීක්ෂා කිරීම් නිසා ඇමතිවරයා අපහසුවට පත්ව තිබේ.

මෙම වැරදීම නිසා ලැජ්ජාවට පත්ව මුහුණු රතු කරගත් රේගු නිලධාරීන් කඩිමුඩියේ පිටව ගිය බවද පැවසේ.
මෙම සිද්ධියෙන් පසු ඇමතිවරයා විසින් තමන් අපහසුවට පත්වන ආකාරයට සිදුකල මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.
ඒ අනුව රජය විසින් මෙම මෙම සිදුවීම සිද්ධවූ ආකාරය ගැන සොයා බලා ඇත. මෙම පැමිනිල්ල කළ බව කියන භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියාට ව්‍යාජ ඇමතුමක් දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. එසේම භාණ්ඩාගාර නිලධාරියාගේ ඇමතුමට අනුව ඇමැතිවරයා සහ ඔහුගේ දියණිය සෝදිසි කරන්නට කණ්ඩායමට නියෝග කළ රේගු ප්‍රධානියා ද අපහසුවට ලක්ව තිබේ. මේ අතර රේගු නිලධාරීන් පවසන්නේ පැමිණිල්ලක් ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමන් තරාතිරම නොබලා සිදු කරන බවත් ලොව සෑම රටකම රේගු නිලධාරීන් එලෙස කටයුතු කරන බවත්ය.

Share with your friends :