27 C
Colombo
18/01/2025

ෆොන්සේකා රනිල් හා එක්වෙයි ?

Share with your friends :

සමගි ජන බලවේගයේ සිටීමට නොහැකි නම් පක්ෂයෙන් ඉවත්ව යන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට දන්වා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ජ්‍යේෂ්ටයන් රැසක් පක්ෂයේ සිටියදී ෆොන්සේකා මහතාට පක්ෂයේ සභාපතිකම ලබා දුන්නේ යුද වීරයෙක් ලෙස ගෞරවයක් ලබාදීමට බවද හෙතෙම පැවසීය.

සරත් ෆොන්සේකා මහතා විසින් සජිත් පේ‍්‍රමදාස මහතාට එල්ල කළ දැඩි විවේචනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

මේ අතර සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විමට අපෙක්ෂා කල බවත්, එම අපෙක්ෂක ධුරය ඔහු වෙත ලබා නොදුන් නිසා සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පා.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (21) දින හැටන් වැලිඔය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්විමකදිය.
මෙහිදි අදහස් දැක් වු පා.ම පලනි දිගම්බරම් මහතා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා හිටපු සැම පක්ෂයකම නායකයින් විවේචනය කරමින් කටයුතු කල අයෙකු බවයි.

හමුදා මානසිකත්වයෙන් පෙලෙන සරත් ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විමට සුදානමින් සිටින බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share with your friends :