27 C
Colombo
18/01/2025

මාරාන්තික STSS බැක්ටීරියාවට ගොදුරුවූ ජපනුන් ගණන 1019 දක්වා ඉහලට

Share with your friends :

ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියා ආසාදනයට ගොදුරුවූ ජපනුන් ගණන 1019 දක්වා ඉහල ගොස් තිබේ.
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මෙය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ අවදානමක් මතුවී ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මෙම බැක්ටීරියාව දරුණු ලෙස මිනිස් සිරුරට ඇතුළු වුවහොත් පැය හතළිස් අටක් ඇතුළත මිය යන බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

බැක්ටීරියාවට ගොදුරු වූ අයගෙන් 77 ක් මියගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ හෙළි කරයි. 2024 ජනවාරි සිට මාර්තු අතර මෙම මරණ සිදුව තිබේ.

Share with your friends :