27 C
Colombo
18/01/2025

බ්‍රිතාන්‍යයේ ධනවත්ම හින්දුජා පවුලම හිරේ – සේවකයන්ට වඩා බල්ලන්ට සලකලා

Share with your friends :

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි තම සුපිරි මාලිගය සේවය සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ගත් කාර්ය මණ්ඩලයේ ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ධනවත්ම පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුට ස්විට්සර්ලන්ත අධිකරණය මගින් සිර දඬුවම් නියමකර තිබේ.
ප්‍රකාශ් සහ කමල් හින්දුජා මෙන්ම ඔවුන්ගේ පුත්‍රයා වන අජේ සහ ඔහුගේ බිරිඳ නම්රතා ද සූරාකෑම සහ නීති විරෝධී ලෙස පුද්ගලයන් රැකියාවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් වරදකරුවන් වූ අතර ඔවුන්ට වසර හතරේ සිට හතරහමාරක් දක්වා සිර දඬුවම් නියම කරන ලදී.
මිනිස් ජාවාරම් යන බරපතල චෝදනාව මත ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ප්‍රකාශ කළහ.
ඔවුන්ගේ උපන් රට ඉන්දියාවෙන් ගෙන්වා ගත් කම්කරුවන් තිදෙනෙක් පැය 18ක් වැඩ කිරීමට පවුම් 7ක් වැනි සුළු මුදලක් ගෙවූ
බව අධිකරණයේදී සනාථවී ඇත.හින්දුජා පවුලේ වත්කම් පවුම් බිලියන 37 ක් පමණ යැයි ඇස්තමේන්තු කර ඇත.
නඩු විභාගය අතරතුර ස්විට්සර්ලන්ත නීතිවේදීන් චෝදනා කළේ හින්දුජා පවුල ඔවුන්ගේ සේවකයින්ට වඩා ඔවුන්ගේ බල්ලා වෙනුවෙන් වියදම් කළ බවයි.
ජාත්‍යන්තර සංවිධානවල මෙන්ම ලෝකයේ ධනවතුන්ගේ කේන්ද්‍රස්ථානයක් වන ජිනීවා සේවකයන්ට සිදුවන අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් අවධානයට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ.
පසුගිය වසරේ, පිලිපීනයේ ගෘහ සේවිකාවන් හතර දෙනෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයකට එරෙහිව නඩුවක් දියත් කළේ තමන්ට වසර ගණනාවක් වැටුප් නොගෙවූ බව පවසමිනි.
හින්දුජා පවුලට තෙල්, ගෑස් සහ බැංකු හිමි හින්දුජා ව්‍යාපාර සමූහය හිමි ය.
මෙම පවුලට ලන්ඩනයේ රැෆල්ස් හෝටලයද හිමිය.

Share with your friends :