27 C
Colombo
18/01/2025

පුටින් උතුරු කොරියාව සමග ගිවිසුමක – ලොවේම අවධානය

Share with your friends :

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ කිම් ජොන් උන් අතර ආරක්ෂක ගැටලු ඇතුළු හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කර තිබේ.
අනාගතයේදී රුසියාවට හෝ උතුරු කොරියාවට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරුදීම සඳහා රටවල් දෙකම එකතුවන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළේය.

මෙමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතාවය නව මානයකට යොමු කරනු ඇතැයි ද ඔහු කීවේය.

උතුරු කොරියාවේ සංචාරයකට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එසේ ප්‍රකාශ කළේය.

ඒ සඳහා වන නව උපාය මාර්ගික හවුල්කාරිත්වයට උතුරු කොරියාවේදී අත්සන් තැබීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මීට පෙර 1961, 2000 සහ 2001 වසරවලදී උතුරු කොරියාව සහ රුසියාව උපාය මාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම්වලට අත්සන් තබා තිබිණි. දේශපාලන, වෙළඳ, ආයෝජන සංස්කෘතික සහ ආරක්ෂක යන අංශ ඇතුළත් වන පරිදි නව හවුල්කාරිත්වය ඇතිකර ගත් බවත් නව හවුල්කාරිත්වය යටතේ එක් රටකට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා මුහුණ දීමට අනෙක් රට සහාය ලබා දෙනු ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාස උතුරු කොරියාවට තර්ජනයක් බවද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.

රුසියන් ජනාධිපති ලෙස පුටින් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.

මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බරයේ උතුරු කොරියානු නායකයා ඔහුගේ විශේෂ දුම්රියෙන් දේශසීමා හරහා රුසියාවට පැමිණියේය. ඒ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහාය.

එරටට පැමිණි රුසියානු ජනාධිපතිවරයාව ගුවන්තොටුපොළ පැමිණ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පිළිගෙන තිබේ.

රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින සබඳතාව පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව අමෙරිකාව පවසා ඇත.

Share with your friends :