27 C
Colombo
20/01/2025

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කරනවා – ලාල් කාන්ත

Share with your friends :

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි කොට, රටට වැඩ නොකරන ජනපති, අගමැති ඇතුළු මන්ත්‍රීවරු නියමිත කලට පෙර ධුරයෙන් නෙරපන නව නීති මාලිමා රජයක් යටතේ ගෙන එන බව ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සාමාජික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

මහනුවර පැවැති ජනහමුවකදී ඒ මහතා සඳහන් කළේ මෙම නව නීති ගෙන ඒම සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය කරන බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප රටට මහා බරක්, රජයේ සේවකයෙක් අවුරුදු විස්සකට වඩා රාජකාරි කරන්න ඕනේ විශ්‍රාම වැටුපක් ගන්න. නමුත් පාර්ලිමේන්තුවට ගියොත් අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප ලැබෙනවා. නීතිය කාටත් එක සමාන වෙන්න ඕනේ. මේ විශ්‍රාම වැටුපට හිමිකම් කියන්න මේ අය මාස තුනකට වරක් පාර්ලිමේන්තු රැස්වීමකට ආව නම් ඇති. මොන තරම් අසාධාරණයක්ද මාලිමා රජයක් බලයට ආ විගස මේ විශ්‍රාම වැටුප අපි අහෝසි කරනවා.”

Share with your friends :