ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්.ජයශංකර් මහතා අනිද්දා(20) දිවයිනට පැමිණීමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහාත් ඉන්දීය ආයෝජන සම්බන්ධව සාකච්ඡා සඳහාත් ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව බවද එම ආරංචි මාර්ග කියයි.
තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ජයසංකර් මහතා හා ජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි ඇති බවද එම ආරංචි මාර්ග කියයි.