නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරින් තවත් 54 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ්ඩ ප්රවාහන දුම්රියක් සහ මගී ප්රවාහන දුම්රියක් හැපීමෙනි.
භාණ්ඩ ප්රවාහන දුම්රියේ හැපුණේ, කොල්කොටා සහ ඊසාන දිග ඇසැම් ප්රාන්තයේ සිල්චාර් නගරයේ සිට බටහිර බෙංගාලයේ කොල්කොටා නුවර දක්වා ධාවනය වෙමින් තිබුණු ‘කංචෙන්ජුංගා එක්ස්ප්රස්’ මගී දුම්රියයි.
දුම්රිය එකිනෙක හැපුණේ තේ වතුවලින් බහුල ඩාර්ජේලීං කඳුකරය ආසන්නයේය.