මැතිවරණ රැසක් ආසන්නයේ තිබීම හේතුවෙන් තම සහචරයන්ට රජයේ රැකියා ලබාදීම සඳහා ඇමතිවරුන් කීපදෙනෙකු නවතම උපක්රම භාවිතා කරන්නට පටන් ගෙන ඇත.
ඒ අනුව රාජ්ය ආයතනවල දැනට සිටින සේවකයන් ඔවුන්ගේ වර්තමාන සේවා ස්ථානයෙන් ඉතාම දුර බැහැරට මාරු කර යවන අතර මේ හේතුවෙන් අදාළ සේවකයන් සේවයෙන් ඉවත්වීමට පෙළඹේ . එම නිසා ඇතිවන පුරප්පාඩුවලට තම ගෝලබාලයන් බඳවා ගැනීම මේ ඇමතිවරුන්ගේ අභිප්රාය වී තිබේ.
කොළඹ සේවකයන් මොනරාගල ,අනුරාධපුර ,නුවරඑළිය , ආදී ප්රදේශ වලටද යාපනයේ සේවකයන් කොළඹටද ආදී වශයෙන් මෙසේ මාරුවීම් ලබාදී තිබේ.
රජයේ සේවකයන්ට අද ලැබෙන වැටුප ප්රවාහන ගාස්තුවටවත් ප්රමාණවත් නොවන අතර මේ හේතුවෙන් රැකියාවලින් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි රජයේ සේවකයෝ පවසති.