27 C
Colombo
16/11/2024

පලාත් සභා අහෝසි කරන්නෑ-ජාතික සමගියේ නව දේශපාලනයක්- අනුර ලන්ඩනයේදී

Share with your friends :

සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාවන් අතර සහජීවනය ඇති කිරීමට නව ක්‍රමවේදයක් සකස් කරනතුරු තම රජයක් යටතේ පළාත් සභා ක්‍රමය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් තම පක්ෂය පළාත් සභා ක්‍රමය ජාතික ගැටලූවට විසඳුමක් ලෙස කිසිවිටෙක පිළි නොගන්නා බවද හෙතෙම පැවසීය.

පළාත් සභාව තමන් විසින් දිනාගත් අයිතිවාසිකමක් ලෙස දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් විශ්වාස කරන බවත් ක්‍රමය අහෝසි කිරීමෙන් අනවශ්‍ය ගැටලු ඇතිවනු ඇති බවත් හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති එම පක්‍ෂ ජන හමුවක් අමතමිනි

‘අප තාවකාලික විසඳුමක් ලෙස පළාත් සභා ක්‍රමය ඉදිරියට ගෙන යනවා. නමුත් එය කල්පවත්නා විසදුමක් නොවන බවත් විශ්වාස කරනවා. අපේ ප්‍රතිපත්තිය කල්පවත්නා විසඳුමක් හඳුනා ගන්නා අතුරු පවතින ආකාරයෙන්ම පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යාමයි’ යනුවෙන්ද හෙතෙම එහිදී පැවසුවේය.

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා

මෙතෙක් කල් නයි පොළඟුන් මෙන් ම විරසක වී සිටි සියලු දේශපාලඥයෝ ජාතික ජන බල වේගයට එරෙහිව එකම වේදිකාවක ළඟදීම දකින්නට හැකි වේවි

ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා.

මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම අද එකට එකතුවීමට සිදුව තිබෙනවා.

අපි ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා. වනු ඇතැයිද ඒ මහතා කීය.

Share with your friends :