පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන ගත් ක්‍රියාමාර්ග විමර්ශනය සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව පිළිගන්නේ නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද(14) පැවසීය
එම කමිටුව ඉදිරියේ සාක්ෂි දීමට නියමිත පිරිස් තවමත් අදාළ ධූර වලරැඳී සිටින හෙයින් ස්වාධීන සාධාරණ විමර්ශනයක් සිදුවීම සැකයට භාජන වන බවද උන්වහන්සේ කිය
එහෙයින් මාස තුනක් ඇතුළත ඊට අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව අදාළ කාර්යාලය සහ විමර්ශන නිලධාරියා පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පියතුමා පැවසීය
මීට පෙර ජනාධිපති කොමිෂන් සභාවක් මගින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවද සඳහන් කල සිරිල් ගාමිණී පියතුමා ඒ අනුව ් මෙම ක්‍රියාවද ජනාධිපතිවරණය හෝ මැතිවරණය ඉලක්ක කර ජනතාව රැවටීමට කළ දෙයක්දැයි යන සැකය තමන් තුළ තිබෙන බවද සඳහන් කළේය
කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති කතෝලික සභාවේ මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය