27 C
Colombo
19/01/2025

රනිල් සජිත් එකතුවෙනවා නම් රටට හොඳයි – අජිත් මානප්පෙරුම

Share with your friends :

මහ භාණ්ඩාගාරයේ රු කොටි තුන්දහසක මුදල් වැය කර රට තුල ඉදි කිරිම් ගණනාවක් සිදු කර ඇති බවත්, එම ඉදි කිරිම් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඇති බව පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ සභාපති සහ ගම්පහ දිස්ත්‍රික් පා.ම අජිත් මානප්පෙරුම (ස.ජ.බ) මහතා පැවසිය.

අජිත් මානප්පෙරුම මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින හැටන් දුම්රිය ස්ථානයට අයත් ඉඩමක නාගරික සංවර්ධන අධිකාරිය මගින් රු මිලියන 400 ප්‍රතිපාදන වැය කර ඉදි කරන ලද තුන් මහල් ගොඩනගැල්ලක් වසර 3 කට ආසන්න කාලයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තිබිම සම්බන්ධයෙන් පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ අවධානය යොමු විමෙන් පසු අදාල ගොඩනැගිල්ල කඩිනමින් ජනතා අයිතියට පත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට එහි පැමිණි අවස්තාවේදිය.

එම ගොඩනැගිල්ලේ පළමු මහල හැටන් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුළුව වශයෙන් පවත්වාගෙන යාමටත් , සෙසු මහල් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පෞද්ගලික අංශයේ කටයුතු සදහා ටෙන්ඩර්පත් මගින් ලබා දි එහි අදායම රජයට ලබා ගැනිමට නියමිතය.

එම ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මහ භාණ්ඩාගාරයෙන් ලබාදුන් මුදලින් 25% මුදලක් පමණක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් යලිත් මහ භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු බවත්, හැටන් දුම්රිය ස්ථානය සදහා ඉදි කල ප්‍රවේශපත්‍ර කවුළුවේ කටයුතු මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල ආරම්භ කරන බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

නව ගොඩනැගිල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අජිත් මානප්පෙරුම මන්ත්‍රිවරයා ඉදිරියේදි නාගරික සංවර්ධන අධිකාරිය මගින් දුම්රිය දෙපාර්තුමේන්තුව වෙත එම ගොඩනැගිල්ලේ පළමු මහල නිල වශයෙන් භාරදෙනු ලැබුහ.

මෙම අවස්තාවට දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරින් රැසක් සහ නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

නව ගොඩනැගිල්ලේ නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වු අජිත් මානප්පෙරුම මන්ත්‍රිවරයා කියා සිටියේ

‘පරිසර සහ ස්භාවික සම්පත් තිරසර සංවර්ධන කමිටුවේ සාකච්ඡා කලා ලංකාවේ තියෙනවා කොටි 3000 ක් පමණ වියදම් කරලා ඉදි කිරිම් සිදු කරලා භාවිතා නොකරන ස්ථාන , කොයි කෙනා මේවා ආරම්භ කලත් ඔක්කෝම මහජන මුදල් , බදු මුදල්.

අද රටට මෙහෙම වෙලා තියෙන්නේ රටේ සංසරණය වෙන්න ඕනි මුදල් මේ වගේ තැන් තැන්වල ගොඩගැහිලා , මේ වගේ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගන ගොඩගැහිලා තියෙද්දි රට කොහොමද දියුණු වෙන්නේ ?

අපේ රටේ තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි ආයතන දෙකක් කවදාවත් එකට වැඩ කරන්නේ නැ , රට තුල රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගෙන වැඩ කිරිමේ වැඩ පිලිවෙලක් නැ , එක එක රාජ්‍ය ආයතවලට දොස් පවරනවා ඇරෙන්න එකතු වෙලා වැඩ කරන්නේ නැ.

ජනාධිපති කාර්ය අංශයෙන් නිලධාරියෙකු පත් කරන්න අවශ්‍යයි රාජ්‍ය ආයතන ඒකාබද්ධව වැඩ කරන්න.

විවිධ ආණ්ඩු බලයට එනවා , විවිධ ඇමතිවරුන් බලයට එනවා එතකොට ව්‍යාපෘතිය ගේනවා , ආණ්ඩු බලය නැති වුණාම එම ව්‍යාපෘති නතර වෙනවා.

ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් වැඩක් කරනවා නම් ස්වාධින කමිටුවකින් අනුමැතිය ලබා ගන්න අවශ්‍යයි, මොකද ජනාධිපතිවරයා හෝ ඇමතිවරයා බලයේ ඉන්නේ අවු 4-5 ව්‍යාපෘති ගොඩක් කල් යනවා.

මේ රටේ ගොඩාක් ගැටළු ඇති වෙලා තියෙන්නේ දේශපාලනිකරණය නිසා , මේ වන විට වැරදි යෝජනා නිසා රට වැටිලා තියෙන්නේ , ආණ්ඩුවේ ඇතැම් තිරණය නිසා රට වැටුණත් ජනතාව විපක්ෂයේ ඉන්න අපිටත් බනිනවා.

ඒ නිසා ජනාධිපතිවරයා ආංශික අධික්ෂණ කමිටු 17 ක් පාර්ලිමේන්තුවේ හැදුවා, ඒකෙන් අටක් විපක්ෂයට භාර දුන්නා , එතකොට විපක්ෂයත් ක්‍රියාකාරි වෙනවා වැඩ වලට.

රට වැටුණා නෙවෙයි රට වැට්ටුවා ගෝඨාභය රාජපක්ෂ වගේ කිසිදු පලපුරුද්දක් නොමැති නායකයෙක් බලයට පත්වුණොත් රට කඩා වැටෙනවා.

අපි ජනාධිපතිතුමාගේ පක්ෂයේ හිටපු අය ඒ නිසා කිසිදු අමනාපයක් නැ අපි අතර ජනාධිපතිවරයාගේ වැඩ පිලිවෙල තරමක් දුරට හොදයි කියලා අපි දකිනවා , 100% හොදයි කියන්නේ නැ මොකද පිඩිත පන්තිය ගැන ජනාධිපතිවරයා කතා කරන්නේ නැ.

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙන්නට වඩා ජනාධිපතිවරයගේ වැඩපිලිවෙල හොදයි , ගෝඨාභය කාපු රට මෙතෙන්ට හරි ගෙනවනේ ඒකට අපි කුහක වෙන්න හොද නැ.

රසායනික පොහොර නතර කරනකොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහචාර්ය බුද්ධි මාරබේ පවා කිව්වා එක් නොකල යුතුයි කියලා , ඒක අහපු නැති නිසා ඔහු ඉවත් වුණා , අයි.එම්.එෆ් එකට මුලින්ම යන්න අවශ්‍යයි කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා.

අයි.එම්.එෆ් කියන්නේ සල්ලි නෙවෙයි යෝජනා , ඒ යෝජනා රටට ගෝචරයි , ඒවා ක්‍රියාත්මක නොවිම නිසා තමයි රට මේ තත්ත්වයට වැටුණේ.

වැටිලා තියෙන රටට නායකත්වයක් දෙන්න සජිත් ප්‍රේමදාස මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් , දෙන්නටම අත්දැකිම් තියෙනවා.

ගෝඨාභය රට අරගෙන අවු 2 ½ පැනලා ගියා , අනුර කුමාර අමාත්‍යංශය භාරගෙන අවු 1 ½ පැනලා ගියා , ඒ නිසා අත්දැකිම් නැති නිසා ඒ අයට රටක් හදන්න බැ.

සජිත් ප්‍රේමදාස මහතා ළග පහල ජනතාවට ගැන සැලසුම් රැසක් තියෙනවා , වත්මන් ජනාධිපතිවරයා ළග තියෙන්නේ ඊහල ජනතාව ගැන සැලසුම්.

දෙන්නම එකට එකතු වෙලා වැඩ කලත් කමක් නැ , ඒක පක්ෂයේ තිරණය , සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති වැදගත් , කිසිම අත්දැකිමක් නැති මනුස්සයෙක්ට රටක් කරන්න බැ’

Share with your friends :