සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් 12 මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමා තිබේ.
තැපැල් සේවකයින් අද(12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.