27 C
Colombo
19/01/2025

වැරදි කලත් පිය-පුතු සෙනෙහසේ අඩුවක් නොවුණු අයුරු

Share with your friends :

ගිනි අවිභාවිතය සම්බන්ධ චෝදනාවකට වැරදිකරු වූ තම පුත් හන්ටර් බයිඩන් බැලීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගොස් තිබේ. අදාළ චෝදනාවට වරදකරු කරන්නට පෙර ඒ සම්බන්ධයෙන් ජෝ බයිඩන් පැවසුවේ තමන් අධිකරණ ක්‍රියාවලියට ගරු කරන බවත් වරදකරු වුවහොත් තම පුතුට ජනාධිපති සමාව ලබා නොදෙන බවත්ය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අවිආයුධ ලඟ තබා ගැනීමට වැලක්වීමට ඇති නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වී තිබේ.ඇමරිකානු ජනාධිපතිවරයකුගේ දරුවකු තම පියාගේ ධුර කාලය තුළ අපරාධයක් සම්බන්ධයෙන් වැරදිකරු වුනු ප්‍රථම වතාව මෙයයි . හන්ටර් බයිඩන් මේ වන විට මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගැලවෙන්නට සමත්වී තිබේ. එහෙත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටි සමයේ ඔහු අතින් විවිධාකාර වැරදි රැසක් සිදුව ඇති බව පැවසේ.
මෙම වරද සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් වසර 25 ක් දක්වා සිරගත කළ හැකි අතර, ඔහු මෙවැනි වරදක් කල පළමු අවස්ථාව බැවින් ලිහිල් දඬුවමක් පනවනු ඇති බව පැවසේ. ඔහුට දඩුවම් නියම කිරීම ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිතය. මෙම තීන්දුවට එරෙහිව මොහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් බදු වැරදි සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් ට එරෙහිව තවත් නඩුවක් පවතී.
ජනාධිපති බයිඩන් තම දෙවන ධුර කාලය සඳහා ලබන නොවැම්බර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරග වැදීමට නියමිතය.
හන්ටර් බයිඩෙන් යනු ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පළමු විවාහයේ දෙවන දරුවාය. ජෝ බයිඩෙන්ගේ පළමු බිරිය නීලියා වයස 30 දී හදිසි රිය අනතුරකින් මියගියේ ඔවුන් දෙදෙනාගේ අවුරුද්දක් වයසැති දියණිය නයෝමි ද සමගය.එම අනතුරෙන් ඔවුන්ගේ පිරිමි දරුවන් දෙදෙනා වූ බියු බයිඩන් හා හන්ටර් බයිඩන් සුළු තුවාල ලබා දිවි ගලවා ගත්හ. එවකට බියු තුන් හැවිරිදි වූ අතර බයිඩන් දැඩි අසීරුවෙන් මෙම දරුවන් හදාවඩා ගත්තේය.

Share with your friends :