27 C
Colombo
19/01/2025

ඇමරිකානු ජනාධිපති බයිඩන්ගේ පුතා අපරාධ චෝදනාවකට වරදකරු වෙයි

Share with your friends :

ගිනි අවිභාවිතය සම්බන්ධ චෝදනාවකට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් වරදකරු වී තිබේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අවිආයුධ ලඟ තබා ගැනීමට වැලක්වීමට ඇති නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරු වී තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයකුගේ දරුවකු තම පියාගේ ධුර කාලය තුළ අපරාධයක් සම්බන්ධයෙන් වැරදිකරු වුනු ප්‍රථම වතාව මෙයයි .
මෙම තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් පැවසුවේ තමා “අධිකරණ ක්‍රියාවලියට ගරු කරන” බවයි.
මෙම වරද සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් වසර 25 ක් දක්වා සිරගත කළ හැකි අතර, ඔහු මෙවැනි වරදක් කල පළමු අවස්ථාව බැවින් ලිහිල් දඬුවමක් පනවනු ඇති බව පැවසේ. ඔහුට දඩුවම් නියම කිරීම ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිතය. මෙම තීන්දුවට එරෙහිව මොහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Share with your friends :