27 C
Colombo
19/01/2025

ගාසා සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරයි

Share with your friends :

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා ඇමරිකා එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලද ඊශ්‍රායල-ගාසා සටන් විරාම සැලැස්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

“පූර්ණ සහ සම්පූර්ණ සටන් විරාමයක්”, හමාස් සංවිධානයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් ආපසු ලබා දීම සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා වන කොන්දේසි මෙම යෝජනාවෙන් දක්වා ඇත.
ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 14 දෙනෙක් එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ. රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එම යෝජනාවේ සඳහන් වන්නේ ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව පිළිගෙන ඇති බවත්, ඊට එකඟ වන ලෙස හමාස් සංවිධානයෙන්ද ඉල්ලා සිටින බවත්ය.

Share with your friends :