27 C
Colombo
19/01/2025

උඩු ගුවනේදී අනතුරට ලක්වූ සිංගප්පුරු යානයේ මගීන්ට වන්දි

Share with your friends :

මගීන් විශාල පිරිසක් උඩු ගුවනේදී තුවාල ලැබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයේ සියලුම මගීන්ට වන්දි ගෙවීමට සිංගප්පුරු ගුවන් සේවය කටයුතු කර තිබේ.
ලන්ඩන් සිට සිංගප්පූරු දක්වා ගමන් ගත් එම ගුවන් යානය වායු රික්තකයකට හසුවීම නිසා දැඩි කැළඹීමකට ලක්වූ අතර එහිදී මගීන් 101 දෙනෙකු තුවාල ලැබූහ.
එම ගුවන් සමාගම පැවසන්නේ සුළු තුවාල ලැබූවන් සඳහා ඩොලර් 10,000 ක් ගෙවීමට කටයුතු කරන බවත්
වඩාත් බරපතල තුවාල ඇති මගීන් සඳහා, ගුවන් සමාගම “ඔවුන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් 25,000 ක අත්තිකාරම් ගෙවීමක්” සහ “ඔවුන්ගේ විශේෂිත තත්වයන්” සපුරාලීම සඳහා වැඩිදුර සාකච්ඡා සිදු කරන බවත්ය.
පසුගිය මැයි මාසයේදී SQ 321 ගුවන් යානය මියන්මාරයට ඉහළින් ගමන් කරන අතර තුර විශාල කැළඹීමකට ලක්විය.

කිසිදු තුවාලයක් සිදු නොවූ අය ඇතුළුව ගුවන් යානයේ සිටි සියලුම මගීන්ට ගුවන් ගාස්තුවේ සම්පූර්ණ මුදල් ආපසු ලබා දෙන බවද ගුවන් සමාගම පවසයි

Share with your friends :