පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
නාරාහේන්පිට පිහිටි එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.
ආර්ථික කොමිසම, කලාප ශ්‍රී ලංකා, ආයෝජන ශ්‍රී ලංකා, ඵලදායිතා කොමිසම, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ කොමිසම සහ පර්යේෂණ සඳහා ආයතනය ලෙස එම ආයතන හැදින්විය හැකි බවත් දැනට ආයෝජන මණ්ඩලය හරහා සාර්ථකව කෙරෙන කාර්යය කටයුතු සඳහා ද මෙවන් ආයතන හඳුන්වා දීමකින් අනවශ්‍ය දේශපාලන අතපෙවීමක් වන බවත් රණවක මහතා පැවසීය.
නව ආර්ථික කොමිසම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් ජයග්‍රහණය කරන කණ්ඩායමකට 113 කට වැඩි ප්‍රමාණයකින් මෙම පනත් සංශෝධනය කළ හැකිවුවද බහුතර බලයක් නොමැතිව ආණ්ඩුවක් පත්වුවහොත් ඔවුන් මේ පනතේ සිරකරුවන් බවට පත්වන බව කී රණවක මහතා අලුතින් ආයතන පිහිටුවමින් තවත් රාජ්‍ය වැය ශීර්ෂයක් ඇති කරවා ගැනීම වෙනුවට පවතින ආයතනයන් නිවැරැදි විගණනය කිරීම් හරහා පවත්වාගෙන යාම කළයුතු බවත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.