මධ්‍යම ගාසා හී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සදහා ඊශ්‍රායලය සිදුකළ විශේෂ මෙහෙයුම අතරවාරයේ දී මියගිය පුද්ගලයින් ගණන 274 ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඊශ්‍රායල හමුදා නුසෙයිරාට් කඳවුර ආශ්‍රිතව සිදුකළ මෙම මෙහෙයුම අතරතුර තවත් පුද්ගලයින් සිය ගණනක් තුවාල ලබා ඇත.
මෙම මෙහෙයුම මඟින් හමාස් සංවිධානය විසින් රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු බේරාගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.