27 C
Colombo
19/01/2025

රුසියානු ජනපති පුටින් දියණියන් දෙදෙනා කරලියට ගෙන එයි

Share with your friends :

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දියණියන් වසර ගණනාවකට පසු එරට ජනතාව ඉදිරියේ පෙනී සිට ඇත.

Katerina Tikhonova සහ Maria Vorontsova යනු පුටින්ගේ පළමු විවාහයේ දරුවන්ය. වසර තිහක විවාහ ජීවිතයෙන් පසු පුටින්
සිය පළමු බිරිඳ Lyudmila Aleksandrovna Ocheretnaya ගෙන් වෙන්වූයේ 2013 වසරේදීය.
මේ සතියේ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයේදී කතා කළේ ඔවුන්ගේ වෘත්තීය අත්දැකීම් පිළිබඳ අවබෝධය බෙදා ගැනීමට නොව, ඔවුන්ගේ පියාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා බව ජාත්‍යන්තර දේශපාලන විචාරක මතයයි.

එක් දියණියක් වන කැටරිනා ටිකෝනෝවා හිටපු තරඟකාරී නර්තන ශිල්පිනියක් වන අතර ඇය දැන් මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ කෘතිම බුද්ධි අංශයේ ප්‍රධානියාය.

අනෙක් දියණිය මාරියා වොරොන්ට්සෝවා සෞඛ්‍ය ආරක්ෂණ ආයෝජන සමාගමක් වන Nomenko හි වෛද්‍ය පර්යේෂිකාවක් සහ එහි සම හිමිකරුවෙකි.

රුසියාවේ බලවත්ම මිනිසා වන පුටින් රුසියානු අධිරාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව මේ වන විට පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

71 හැවිරිදි පුටින් තම දරුවන් රහසිගතව තැබීම සම්බන්ධයෙන් ලොව පුරා කතා බහට ලක්විය. පසුගිය වසර දෙක තුළ ඔහුගේ සෞඛ්‍යය පිරිහෙන බවට කටකතා පැතිරී යමින් ඇති අතර තමන්ගේ අනුප්‍රප්තිකයන් ලෙස දියණියන් කරලියට ගෙන එන්නේද යන්න සම්බන්ධයෙන් ඇතැමුන් මත පළකර තිබේ.

ජාන විද්‍යා පර්යේෂකයෙකු වන 39 හැවිරිදි Vorontsova සහ 37 හැවිරිදි Tikhonova, තාක්ෂණික විධායක සහ හිටපු acrobatic නර්තන ශිල්පිනිය, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ගැන සමුළුවේදී කතා කිරීමට ලැබුණු ආරාධනා පිළිගත් ඔවුන් දෙදෙනාම ඉතාම දක්ෂ මෙන්ම තියුණු බවද මෙහිදී රුසියානු ජනතාවට දැකගත හැකි විය..

පුටින්ට තවත් දරුවන් සිටින බවට පුළුල් කටකතා පැතිර යන නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය කිසි විටෙකත් තහවුරු කර නොමැත.

Share with your friends :