27 C
Colombo
17/11/2024

රාජ්‍ය ණය සම්බන්ධයෙන් හෙළිදරව්වක්

Share with your friends :

ශ්‍රී ලංකා රජයේ දේශීය සහ බාහිර ණය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.

ඒ අනුව 2023 දෙසැම්බර් 31 වනදා වනවිට දේශීය ණය රුපියල් බිලියන 17,051 වූ බවත් එය 2024 මාර්තු 31 වනදා වනටිට රුපියල් බිලියන 17,252ක් බවත් ඔහු පැවසීය.

එසේම බාහිර ණය ඩොලර් බිලියන 37ක් ලෙස දැක්වෙන බවත් ඔහු කීවේය.

2022 අප්‍රේල් සිට නොගෙවූ බාහිර ණය වාරිකවල වටිනාකම වූ ඩොලර් බිලියන 5.5ක් ද ඊට ඇතුළත් ය.

Share with your friends :