27 C
Colombo
17/11/2024

වීසා මගඩිය වැනිම තවත් දුෂණයක්- මාර්ග සංවර්ධන RDA-TOLL GATE ටෙන්ඩරය

Share with your friends :

වරාය පිවිසුම් අධිවේගී මාර්ගය සඳහා ගාස්තු අයකිරීමේ යන්ත්‍ර හා ගේට්ටු (TOLL GATE) ඇතුලත් ටෙන්ඩරයක් මහා මාර්ග අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එක්තරා පුද්ගලික සමාගමකට අවශ්‍ය ආකාරයට පිරිවිතර සකස්කර පිරිනමීට ඉහළපෙලේ රජයේ නිලධාරීන් පිරිසක් කටයුතු කර ගෙන යති.
මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර පසුව ඒ සඳහා අයකරන ගාස්තුවෙන් එම මුදල් උපයාගන්නා ආකාරයට සමාගමකට ලබා දීමට නියමිත අතර ඒ සඳහා කලින් පිරිවිතර සකස් කර තරගකාරී සමාගම් වලට අයදුම් කල නොහැකි ආකාරයට ලබාදීමේ සුදානමක් ඇතැයි පැවසේ.
මේ සඳහා සුදුසුකම් ලෙස ඩොලර් මිලියන 50 ක එවැනි ආකාරයේ ව්‍යාපෘති සිදුකල සාමගමක් සම්බන්ධ කරගත යුතු බව මුලදී ටෙන්ඩර් සුදුසුකම් වල සඳහන් වුවත් මේ වන විට එය ඩොලර් මිලියන 10 දක්වා අඩුකර ඇත. මේ නිසා කිසිදු දේශීය සමාගමකට ඊට සම්බන්ධවීම වලක්වා ඇත්තේ එවැනි ව්‍යාපාර හා තාක්ෂනය ඇති කිසිදු දේශීය සමාගමක් වෙනත් රටක එවැනි ව්‍යාපාර වල නොදෙන බැවිනි. එසේම පසුව මාස කීපයක් තුල මෙරට අනෙකුත් අධිවේගී මාර්ග වලද මෙය සවිකිරීමට නියමිතය.
එසේම මේ සඳහා සහභාගිවන සමාගම් වල ශ්‍රීලංකා ඉංජිනේරු සංගමයේ සාමාජිකයන් සේවයේ යෙදී සිටින සමාගම් විය යුතු බවට තවත් ටෙන්ඩර් කොන්දේසියක් ඇතුලත් කර තිබේ. මෙය මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර පසුව ඒ සඳහා අයකරන ගාස්තුවෙන් එම මුදල් උපයාගන්නා ආකාරයට සැලසුම් කර ඇති බැවින් ඒ සඳහා යොදාගන්නා ඉංජිනේරුවන් සම්බන්ධයෙන් සීමා පැනවීමට මාර්ග සංවර්ධන අධිකාරියට ඇති අයිතිය ගැනද බරපතල ගැටළුවක් පවතී.
මෙය තනිකරම තමන්ට අවශ්‍ය ආකාරයට පිරිවිතර සකස්කර එක සමාගමක් වෙනුවෙන් නිර්මාණයකර ඇති ව්‍යාපෘතියක් බවත් එම සමාගම ආයුධ වෙළඳාම ගැන නම්දැරු පුරහල යුනියන් පෙදෙසේ සමාගමක් බවත් පැවසේ. මෙය දැනට ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇති වීසා ටෙන්ඩරය වැනිම දුෂිත ටෙන්ඩරයක් බවත් පැවසේ.

Share with your friends :