27 C
Colombo
20/01/2025

මෝඩි දින්නත් අනාගතය ගැන ගැටළු – නායිදු හා නිතිෂ් කුමාර් ගේ සහය තීරණාත්මකයි

Share with your friends :

මෙවර ඉන්දියානු මහා මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය කලද එම රජය වැඩි කාලයක් නොපවතිනු ඇතැයි ඉන්දියානු දේශපාලන විශ්ලේෂකයන් දැනටමත් අනාවැකි පල කර තිබේ.
මෝඩි ගේ භාරතීය ජනතා ප්‍රමුඛ NDA සන්ධානය ජයගෙන ඇති ආසන සංඛ්‍යාව 292 කි. ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍යවන්නේ ආසන 272 කි. එහෙත් BJP තනිවම ආසන 240 ක් පමණි. NDA බහුතරයට දායක වී ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් හි චන්ද්‍ර බාබු නායිදු ගේ තෙලිගු දෙස්හම් පක්ෂය හා බිහාර් හි නිතිෂ් කුමාර් ගේ ජනතා ඩාල් පක්ෂය ලබා ගෙන ඇති ආසන සංඛ්‍යාවය.එම නිසා මෝඩි ගේ රජය තනිකරම චන්ද්‍ර බාබු නායිදු හා නිතිෂ් කුමාර් මත රඳා පැවතිනු ඇත.
මේ දෙදෙනා යම් ලෙසකින් කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ INDIA සන්ධානයට එකතු වුවහොත් පාර්ලිමේන්තු බහුතරය INDIA සන්ධානයට ලබා ගත හැකි වනු ඇත.INDIA සන්ධානය දැනට ආසන 233 ක් දිනාගෙන ඇත.

Share with your friends :