27 C
Colombo
18/01/2025

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද

Share with your friends :

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින් ප්‍රතිඵල ද නිකුත් කෙරෙනු ඇත.

අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙයි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය ද ඒ අතර වෙයි. වරණාසි යනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනයයි. 2014 වසරේ සිට වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ මෝදිය.

මේ වන විට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක නිරතවී සිටී.

ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය.
අගමැතිවරයාගේ ආරක්ෂාවට 2000 ක ආරක්ෂක භට පිරිසක් යොදවා තිබේ.
අගමැති මෝදී අද සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිතය.

Share with your friends :