දකුණු චීන මුහුදේ තම සීමාවේ කටයුතු කරන ලෙස පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් චීනයට දැඩි අනතුරු අඟවීමක් සිදු කර තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ රටවල් අතර ගැටුමක් උත්සන්න වෙමින් පවතින දකුණු චීන මුහුදේ කටයුතු සම්බන්ධයෙනි.
චීනයේ හිතාමතා සිදුකරන ආක්රමණකාරී ක්රියා හේතුවෙන් කිසියම් පිලිපීන ජාතිකයෙකු මිය ගියහොත්, පිලිපීනය එය “යුද්ධමය ක්රියාවක්” යැයි සලකන අතර ඒ අනුව ප්රතිචාර දක්වන බව ඔහු පැවසීය.
එක්සත් ජනපදයේ ලොයිඩ් ඔස්ටින් ඇතුළු ලොව පුරා සිටින ආරක්ෂක ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් සිංගප්පූරුවේ පැවති ආරක්ෂක සංසදයේ දී මාකෝස් මේ බව පැවසීය.
කලාපය වොෂින්ටනය සඳහා ප්රධාන අවධානයක් ලෙස පවතින බවත්, එක්සත් ජනපදය සුරක්ෂිත වන්නේ ආසියාව ද ආරක්ෂිත නම් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.
මෑත මාසවලදී දකුණු චීන මුහුදේ භූමි ප්රදේශය සම්බන්ධයෙන් චීනය සහ පිලිපීනය අතර දිගුකාලීන ආරවුලක් ආක්රමණශීලී ගැටුම් දක්වා දුරදිග ගොස් තිබේ.
චීන මුර සංචාර නැව් පිලිපීන බෝට්ටු සහ සැපයුම් යාත්රා වෙත ජල ප්රහාර එල්ල කිරීම ගැන පිලිපීනය දැඩි ලෙස පැමිණිලි කර ඇත.
බීජිනය පවසා ඇත්තේ තමන් සිය ස්වෛරීත්වය ආරක්ෂා කරන බවයි. මෙම සමුළුවේදී චීන හමුදා ප්රකාශකයෙක් පිලිපීනය “ප්රකෝප කිරීම්” සිදු කරන බවට චෝදනා කළේය.
කිසියම් උත්සන්නවීමක් දකුණු චීන මුහුදේ චීන සහ ඇමරිකානුවන් අතර ගැටුමක් ඇති කළ හැකි බවට බොහෝදෙනා පවසති.පිලිපීනයට ප්රහාරයක් එල්ල වුවහොත්, පිලිපීනය සමඟ අත්සන් කරන ලද ගිවිසුමකට අනුව පිලිපීනය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය බැඳී සිටී.
next post