27 C
Colombo
20/01/2025

ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ.
එහිදී ජූරියේ ඒකමතික තීන්දුව වී ඇත්තේ සියලු චෝදනාවලට ඔහු වරදකරු බවය.
අපරාධ නඩු විභාගයකදී වරදකරු වුනු ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
ඔහුට දඬුවම් නියම කිරීම ජුලි 11 වැනිදා සිදු කෙරේ. මෙම තීන්දුව පිළිනොගන්නා බව ට්‍රම්ප් මාධ්‍ය අමතමින් පසුව ප්‍රකාශ කළේය. මේ අතර ට්‍රම්පට සිරදඬුවම් හෝ දඩ හෝ නියම කිරීමට නියමිත අතර ඇතැම්විට සිරදඬුවම් හා දඩ යන දෙවර්ගයේම දඬුවම් නියම කිරීමට ඉඩ ඇති බව පැවසේ.
මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඒ, වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝග කරමිනි.
ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පකෂය වන අතර බයිඩන් නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි.
ජූලි මාසයේ අධිකරණ තීන්දුව ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තමන්ට එල්ල වූ සියලු චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, තම ප්‍රතිවාදීන්, දේශපාලනික වශයෙන් තමන් නිහඬ කිරීමට උත්සාහ ගන්නා බවය.

Share with your friends :