27 C
Colombo
21/01/2025

පාලන කාලය වසර පහකින් දික්කරන බවට නිවේදනයක්

Share with your friends :

හමුදා පාලනය තවත් වසර පහකින් දීර්ඝ කරන බව බුර්කිනා ෆාසෝ හමුදා ආන්ඩුව නිවේදනය කර ඇත.
එරට පාලකයා වන කපිතාන් ඊබ්‍රහිම් ට්‍රෝරේට ද මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි වනු ඇතැයි රජය පවසයි.
වසර දෙකකට පමණ පෙර ඔහු කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අවස්ථාවේ , කපිතාන් ට්‍රෝරේ මෙම වසරේ ජූලි 1 වන විට සිවිල් රජය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රතිඥා දුන්නේය.
එහෙත් බුර්කිනා ෆාසෝ දැන් අසල්වැසි මාලි රාජ්‍යයට එකතු වී හමුදා පාලනය දීර්ඝ කර ඇත.
බටහිර අප්‍රිකානු රටේ අගනුවර වන Ouagadougou හි පැවති ජාතික උපදේශන රැස්වීමකින් පසු සෙනසුරාදා මෙම පියවර ප්‍රකාශයට පත් කරන ලදී.
කපිතාන් ට්‍රෝරේ විසින් අත්සන් කරන ලද සංශෝධිත ප්‍රඥප්තියක සඳහන් වන්නේ නව මාස 60 ක සංක්‍රාන්ති කාලය මෙම වසරේ ජූලි 2 සිට ක්‍රියාත්මක වන බවයි.
ලුතිනන් කර්නල් පෝල්-හෙන්රි දමිබා ජනාධිපති රොච් කබෝරේගෙන් බලය අල්ලාගත් අතර 2022 ජනවාරියේ සිට බුර්කිනා ෆාසෝ පාලනය කරනු ලැබුවේ හමුදාව විසිනි.

Share with your friends :