27 C
Colombo
21/01/2025

පැපුවා නිව්ගිනියාවේ නාය යාම – 670 ක් පස් කඳුවලට යටවී මිය ගිහින්

Share with your friends :

පැපුවා නිව්ගිනියාවට බලපෑ දැවැන්ත නාය යෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව් 670 ඉක්මවා ඇත. මෙම පිරිස් නාය ගිය පස් කඳු වලට පන පිටින් යටවී ඇති අතර සිරුරු කීපයක් පමණක් දැනට හමුවී ඇත.
මුදාගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අධිවේගී මාර්ගයන් අවහිරවීම, ප්‍රදේශ අතර පවතින දුරස්ථභාවය ආදිය හේතුවෙන් ගලවා ගැනීමේ සහ ආධාර ප්‍රයත්නයන් මන්දගාමී කර තිබේ. සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පැවසුවේ විනාශයේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් අපැහැදිලි නොවන හෙයින් මරණ සංඛ්‍යාව මීටත් දෙගුණයකට වඩා වැඩි විය හැකි බවයි.
එම ප්‍රදේශයේ 4000 ක් පමණ වාසය කළහ.
පැය 48ක් ගෙවී යාමෙන් අනතුරුවද පාෂාණ කඩා වැටෙමින් පවතින බවත්, නිරන්තර පීඩනය හේතුවෙන් පස ඉරිතලා ඇති අතර භූගත ජලය ගලා යාම නිසා ප්‍රදේශය සෑම කෙනෙකුටම දැඩි අවදානමක් ඇති කර තිබෙන බවත් පැපුවා නිව්ගිනියාවේ නියෝජිතායතනයේ දූත මණ්ඩල ප්‍රධානී සෙර්හාන් ඇක්ටොප්‍රැක් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයන් 1,250ක් පමණ අවතැන්ව ඇති අතර කාන්තාවන් සහ ළමුන් ඇතුළුව විශාල ප්‍රමානයක් තුවාල ලබා තිබේ.

Share with your friends :